ටයිල් වල වර්ණය අවපැහැ වෙලාද? ටයිල් වලට හානි සිදු වෙලාද? විලාසිතාවන් අලුත් වෙලාද?තියන ටයිල් ටික මාරු කරගන්න හිතෙනවද?
හුගක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි ටයිල් කලාට පස්සේ නැවත මොනයම් හේතුවක් මත හෝ තිබෙන ටයිල් එක මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද යන්න. මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියනවා.
තාක්ෂණික පැත්තෙන් සලකා බැලීමේදී මෙසේ ටයිල් අතුරාගැනීම සිදුකල හැකියි නමුත් ප්‍රායෝගිකව සලකා බැලීමේදී හැකි තරම් මෙසේ ටයිල් අතුරාගැනීම සිදු නොකල යුතුයි. තිබෙන ටයිල් මත නැවත ටයිල් අතුරා ගැනීම දැනට අතුරා තිබෙන ටයිල් වර්ගයේ තත්වය මත රදා පවතී.
සෑම ටයිල් වර්ගයක්ම නැවත ටයිල් අතුරා ගැනීම සදහා සුදුසු නැත. මතක තබා ගත යුතු තවත් කාරණයක් නම් පවතින ටයිල් මත නව ටයිල් අතුරා ගැනීමෙන් පසු සෙන්ටිමීටර් 1 සිට 3ක් පමණ දක්වා වැඩි වෙන බැවින් ඒ අනුව දොරවල් සහ ගෘහභාණ්ඩ සකසා ගත යුතු වෙනවා.
මුලින්ම දැනට අතුරා ඇති ටයිල් වල තත්වය පරීක්ශා කල යුතුයි.එම ටයිල් ඔබගේ නවතම ටයිල් සදහා අත්තිවාරම වන නිසා මෙසේ පරීක්ශා කිරීම ඉතාම වැදගත්.
එම ටයිල් හොදින් සීල් වී පැවතිය යුතු අතර පාදම සමග හොදින් සම්බන්ධ වී පැවතිය යුතුයි. පරණ ටයිල් හොදින් අතුරා ඇත්නම් සහ ඒවා අතර සිදුරු නොපවතී නම් ඔබට අවදානමකින් තොරව පැරණි ටයිල් මත නව ටයිල් අතුරාගත හැකියි. කුහර සහ සිදුරු පවතීද යන්න පරීක්ශා කිරීම සදහා ටයිල් මතට තට්ටු කර එයින් නැගෙන ශබ්දයෙන් පරීක්ශා කරගත හැක. බොල් ශබ්දයක් ඇති වන්නේ නම් ටයිල් නිසි පරිදි සවි වී නොතිබීම, නිවස අවට ඉදිකිරීම් සිදු කරන ස්ථානයක් පැවතීම හෝ භුමිකම්පා ආදි ස්වාභාවික විපතක් සිදු වී තිබීම ආදි හේතුවක් විය හැක.
පරික්ෂා කිරීමෙන් අනතුරුව බොල් හඩක් නිකුත් නොවන්නේ නම් ටයිල් අතුරාගැනීම සිදු කල හැකියි. අතුරා ගැනීමට ප්‍රථම සිදු කලයුතු වැදගත්ම කාරණය නම් ටයිල් හොදින් පිරිසිදු කර ගැනීමයි. බොහෝ විට මෙය නොසලකා හරිනු ලබයි නමුත් පිරිසිදු කරගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්.
පරික්ෂා කිරීමෙන් අනතුරුව බොල් හඩක් නිකුත් වන්නේ නම්, කුහර සහිත නම් හෝ බර අධික නම් ටයිල් අතුරාගැනීම සිදු නොකල යුතුයි. මෙවැනි අවස්ථාවක හොදම විසදුම නම් අතුරා ඇති ටයිල් ඉවත් කිරීමයි.අතුරා ඇති ටයිල් ඉවත් කිරීම ඇත්තෙන්ම මිල අධික කාර්යයක්.
මේ සදහා ටයිල් පිලිබද මනා දැනුමක් ඇති විශේෂඥයෙක් යොදා ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක්. ඔබ සොයන්නේ Workforce අප විය හැකියි.