ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද? නැතහොත් වෙනස්කම් කිහිපයක් පමණක් කර ගැනීමට අවශ්‍යයිද? ඒ කොහොම වුනත් ඊට කලින් ඔබ සලකා බැලිය යුතු කරණු රාශියක් තියනවා.සැලසුමකට අනුව වෙනස්කම් සිදු කිරීම තමයි වැදගත්ම දේ.එමගින් කාලය මුදල් ඉතිරි වෙනවා වගේම ලස්සන නිර්මාණයක්ද සිදුකල හැකියි
ඔබේ ප්‍රදේශයේ කාලගුණය
භූ විශමතාවය
පාංශු වර්ගය
හිරු එලිය ලැබෙන ආකාරය
සෙවන පවතින ආකාරය
ජලය කාන්දු වන ආකාරය
ගෙවත්ත භාවිතා කරන්නේ කවුරුන්ද? සහ භාවිතා කරන ආකාරය?
සුරතල් සතුන් සිටීද?
නඩත්තු කිරීම කෙසේ වේවිද?
මේ ආදි කරුණු රාශියක් සලකා බැලිය යුතු වෙනවා.මුලින්ම තේමාවක් තෝරාගත යුතු වෙනවා.තේමාවක් සදහා නිවසේ හැඩය, නිවස සහ ඉඩමේ මායිම අතර ප්‍රදේශය ගෙහිමියාගේ රුචිකත්වය ආදිය බලපානු ලබනවා.
ඉතාම අලංකාරවත් ගෙවත්තක් නිර්මාණය කරගැනීම ඔබට තනිවම කලහැකි දෙයක් නොවේ. ඒ සදහා ගෙවතු අලංකරණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙකුගේ හෝ ආයතනයක සහය ලබාගතයුතු වෙනවා. එවැනි සේවාවක් අවශ්‍යයි නම් අප හා සම්බන්ධ වන්න. workforce.lk