තමන්ගෙම නිවසක් තියේ නම් කියලා හිතෙන ඕනිම කෙනෙක් සැලකිලිමත් විය යුතු කරුණු කාරණා රාශියක් තියනවා.මේවා ගැන නොදැන හිටියොත් ඔබ අමාරුවේ වැටෙන්න පුලුවන්.
ඔබ අවට සිටින පුද්ගලයන්ගේ අත්දැකීම්
නිවසක් මිලදී ගන්න හොයන්න පටන් ගන්නකොටම ඉස්සෙල්ලම ඔයාට හම්බ වෙන්නේ උපදෙස් දෙන අය.මෙතනදි වැදගත්ම දේ තමයි පදනමක් නැතිව අදහස් දෙන අය අයින් කරන එක.ජිවිත කාලෙටම එක නිවසක් පමණක් මිලදි ගත්ත ඔයාගේ මිතුරෝ /පවුලේ අය නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සියලුම තොරතුරු නොදැන ඉන්න පුලුවන්.එහෙනම් කාටද ඔබ ඇහුම්කන් දෙන්න ඕනි?නිශ්චල දේපල සම්බන්ධ කර්මාන්ත වල කාලයක් තිස්සේ නිරත වෙලා සිටින අය නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් පුලුල් දැනුමක් තිබෙන අයයි. ඔවුන්ට ඇහුම්කන් දෙන්න.
ඔබට අවශ්‍යකරන නිවසේ ප්‍රමාණය
ඔබට අවශ්‍ය නිවසේ ප්‍රමාණය නිවැරදිව තීරණය කරන්න.අවශ්‍යතාවයට නොගැලපෙන තරම් විශාල නිවසක් මිලදී ගැනීම මගින් අපහසුතා රාශියක් ඇතිවිය හැක.පමණට වඩා විශාල නිවසක් මිලදී ගතහොත් නඩත්තු කිරීමට කාලයත් මුදලත් දෙකම වැය වෙනවා
බැංකු ණය සහ මූලික ගෙවීම
අත්පිට මුදලට නිවසක් මිලදී ගැනීම හැමෝටම කරන්න බෑ.බොහෝ දෙනෙක් කරන්නේ බැංකුවකින් ණයක් ලබා ගැනීම.අඩු පොලියක් සහිතව ඉක්මනින් ණයක් ලබා ගන්න පුලුවන් නම් වටිනවා. ඒ සදහා බැංකු කිහිපයකින් තොරතුරු ලබාගෙන ඔබට සුදුසුම බැංකුව තෝරාගත යුතු වෙනවා. මුලික ගෙවීම සහ වාරික මුදල ඔබට දරාගත නොහැකි මට්ටමක පවතිනවා නම් ඔබ නව නිවසකට කොතරම් ආදරේ උනත් ණය මුදලක් සදහා නොයා සිටීම නුවණට හුරුයි
නිවසේ දැනට පවතින තත්වය
නිවසේ දැනට තිබෙන තත්වය පිලිබද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.එහිදී අත්තිවාරම, පලිබෝධක ගැටලු, වහලෙහි හානීවීම්, වැහිකාලයේදී ඇති වන ආපදා තත්ව, විදුලි සම්බන්ධතා, කල් ඉකුත් වු රැහැන් පවතීද යන්න, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හැකියාව, අනාරක්ෂිත ස්ථාන යනාදී කරුණු පිලිබද අවසාන තීරණය ගැනීමට ප්‍රථම සැලැකිලිමත් විය යුතුයි.
උපකරණ වල වයස
නිවස මිලදී ගන්නේ උපකරණත් සමග නම් එම උපකරණ පිලිබද විශේෂ අවදානයක් යොමු කල යුතු වෙනවා සමහර උපකරණ වසර 10කටත් වඩා පැරණි විය හැකියි
අසල්වාසින්
හොදම නිවසක් මිලදී ගත්තත් නිවස අවට තත්වය නිවසෙහි වාසය කිරීමට නුසුදුසු නම් ඒ නිවසෙහි වටිනාකමක් නෑ.නිවස අවට සෑම දිශාවකටම යම් දුරක් ඇවිද බලන්න. ඉදි කරමින් පවතින කර්මාන්ත ශාලා ආදිය පවතිනවාද? අසල්වාසින්ගේ නිවෙස් වල ස්වභාවය, කුමන වයස් මට්ටම් වල අය ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවාද?නිවස අවට ප්‍රදේශය එතරම සතුටු දායක නොවේ නම් නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් දෙපාරක් සිතිය යුතු වෙනවා
කාර්යාලයට සහ පාසැලට ඇති දුර
නිවසේ සිට පාසැලට සහ කාර්යාලයට ඇති දුර පිලිබදවත් සැලකිලිමත් විය යුතුයි. එහිදී පොදු ප්‍රවාහන සේවය ලබාගන්නේ නම් නිවසේ සිට බස් නැවතුමට ඇති දුර කොපමණද සහ කොතරම් කාලයක් ඒ සදහා ගත වෙනවාදැයි සොයාබැලිය යුතුයි.
ජනෙල් පිහිටා තිබෙන ස්ථාන
මෙය සුලු කාරණාවක් වුවත් ඉතාම වැදගත් කාරණාවක්. සම්පූර්ණයෙන්ම ජනෙල් විවෘත කල පසු (උදේ සහ සවස ) කොතරම් උණුසුමක් ඇති වෙනවාද යන්න නිරීක්ෂණය කල යුතුයි.එමගින් නිවස කොතරම් රත් වීමකට භාජනය වෙනවා දැයි සොයාගත හැක.
ගෙවත්තක් තිබේද? නැද්ද?
හුගක් දෙනෙක් කැමති විශාල ගෙවත්තක් තිබෙන නිවසක් මිලදී ගන්න. එත් නඩත්තු කිරීමට අපහසු හෝ නඩත්තු කිරීමට වෙලාවක් නැත්නම් ගෙවත්තක් සහිත නිවසක් මිලදී ගැනීමට දෙපාරක් සිතිය යුතු වෙනවා. නැත්නම් සති අන්තය ගෙවත්ත පිරිසිදු කිරීමට සහ තණකොල කැපීමට යොදා ගැනීමට ඔබට සිදු වේවී.
මේ කරණු ගැන සැලකිලිමත් වුනොත් පසුතැවීමකින් තොරව ලස්සන නිවසක ජීවත් වීමට ඔබටත් හැකියි.