නිවසක් ලස්සනටත් සුව පහසු විදියටත් තියනවට අපි හැමෝම කැමතියි.
නිවසක වර්ණය කියන්නේ යම් කෙනෙක් නිවසට පැමිණි විට දකින පලමු දේ.ඒ වගේම තීන්ත ආලේප කිරීම කියන්නේ කාලගුණික සහ කෘමි හානි අවම කරගැනීමට තිබෙන හොදම ආරක්ෂිත විකල්පය.
නිවසක තීන්ත ආලේප කිරීමට කාලය එලඹිලා කියලා ඔබ දැනගන්නේ කොහොමද?
බිත්ති දුර්වර්ණ වෙලාද?
බිත්ති අවපැහැ වෙලා නම් නැවත තීන්ත ආලේප කරන්න කාලේ හරි.බිත්ති අව පැහැ වීමට හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. ඒ අතරින් කාලගුණික විපර්යාස, හිරු එලියට නිරාවරණය වීම, ජලය නිසා සිදුවන හානි, ප්‍රධාන තැනක් ගන්නවා.තද පැහැති වර්ණ ලා පැහැති වර්ණ වලට වඩා ඉතා ඉක්මනින් දුර්වර්ණ වීමකට ලක් වෙනවා.ඒත් ඕනිම වර්ණයක් අවපැහැ වුනාට පස්සේ බිත්තියේ ලස්සන නැති වෙලා යනවා.සාමාන්‍යයෙන් තීන්ත අවපැහැවීමට වසර ගණනාවක් ගත වෙනවා.නමුත් එය තීන්ත වර්ගයේ ගුණාත්මක භාවය මත රදාපවතිනවා.සෑම විමට ගුණාත්මක නිශ්පාදනයක් මිලදී ගන්න.
බිත්ති මත බුබුලු සහ ඉරි තැලීම් ඇති වෙලාද?
බිත්ති මත කුඩා බුබුලු සහ ඉරිතැලීම් ඇති වෙලා නම් නැවත තීන්ත ආලේප කරන්න කාලේ හරි.මෙවැනි බුබුලු ඉරිතැලීම් ඇති වන්නේ තද හිරු එලිය දැඩි සුලං තත්ව හේතුවෙනි.බිත්ති අවර්ණ වීමට වඩා බිත්ති මත බුබුලු සහ ඉරිතැලීම් ඇති වී තිබීම අවලස්සනයි.
බිත්ති පොතු ගැලවීමකට ලක් වෙලාද?
බිත්ති පොතු ගැලවීමට ලක් වෙලා නම් නැවත තීන්ත ආලේප කරන්න කාලේ හරි.මෙසේ පොතු ගැලවී යාම හේතු කිහිපයක් නිසා සිදු විය හැක.බිත්ති අධික හිරු එලියට නිරාවරණය වීම, කාලගුණික විපර්යාස වලට ලක් වීම, සහ නිවසට බාල වර්ගයේ තීන්ත ආලේප කිරීම.සෑම විටම ප්‍රමිතියකට අනුව නිශ්පාදනය කරන ලද ගුණාත්මක බවින් ඉහල නිශ්පාදනයක් තෝරාගන්න.
බිත්ති මත තද ගතියක් දැනෙනවාද?
තීන්ත ආලේප කලපසු බිත්ති ඉතාම සුමුදු ස්වභාවයක් ගන්නවා.නමුත් කාලයක් ගිය පසු බිත්ති ස්පර්ශ කලවිට තද ගතියක් දැනෙනවා නම් සහ අතෙහි කුඩු ස්වභාවයෙන් තැවරීමක් සිදු වෙනවා නම් නැවත තීන්ත ආලේප කරන්න කාලේ හරි.කාලගුණික විපර්යාස හේතුවෙන් මෙම තත්වය ඇතිවිය හැක.මෙම තත්වය පරිසරයට මෙන්ම ඔබගේ සෞඛ්‍යටත් අහිතකර විය හැක.
කලින් ආලේප කල තින්ත වල කල් ඉකුත් වෙලාද?
විවිධ වර්ගයේ තීන්ත වල ආයු කාලය එකිනෙකට වෙනස්.හොදම තීන්ත වර්ගයක් නම් අවුරුදු 7/10 ක පමණ ආයු කාලයක් පවතිනවා.නමුත් බාල තීන්ත වර්ගයක් නම් අවුරුදු 5කටත් වඩා අඩු ආයු කාලයක් තමයි පවතින්නේ.තීන්ත මිලදී ගන්න විට ලේබල් එකෙන් ආයු කාලය කොපමණද යන්න ඔබට දැනගත හැක.තීන්ත වල සදහන් වූ කාලය ඉකුත් වී ඇත්නම් නැවත තීන්ත ආලේප කරන්න කාලේ හරි.
නිරන්තරයෙන් කාලගුණ විපර්යාස වලට ලක් වෙනවාද?
බිත්ති නිරන්තරයෙන් කාලගුණික විපර්යාස වලට ලක් වනවා නම් බිත්ති ගැන හොද අවදානයෙන් සිටීම සිදු කල යුතු අතර නැවත තීන්ත ආලේප කරගැනීම සිදු කල යුතුයි.
අලුත් නිවසක්ද?
නැවත තීන්ත ආලේප කලයුතු කාලය තීරණය කිරීමට නිවසේ වයසත් හේතුවක් වෙනවා.අලුතින් සෑදූ නිවසක පලමු තීන්ත ආලේපය සිදු කරනු ලබන්නේ බිත්තියේ ආරක්ශාව සදහායි.අලුතින් සෑදූ නිවසක් නම් සහ නිවසෙහි වයස වසර 5ක් ඉක්මවා ඇත්නම් නැවත තීන්ත ආලේප කරන්න කාලේ හරි.
ජනේල අවපැහැ වෙලාද?
බිත්තියත් සමගම පවතින දැව ජනේල මගින් නැවත තීන්ත ආලේප කරන්න වෙලාද කියලා අදහසක් ගන්න පුලුවන් එම ජනේල අව පැහැයට පත් වෙලා නම් නැවත තීන්ත ආලේප කරන්න කාලේ හරි.
වර්ණය නව විලාසිතාවන්ට ගැලපෙන්නේ නැද්ද?
නිවසක ආලේප කර තිබෙන තීන්ත නිවසට එක් කරන්නේ සුන්දරත්වයක්.කාලෙන් කාලේට ඔබේ මනාපය වෙනස් වෙන්න පුලුවන් ඒ වගේම කාලෙන් කාලේට නව විලාසිතා එන්නත් පුලුවන්.මෙවැනි අවස්ථාවන් වලදීත් නැවත තීන්ත ආලේප කරගත හැකියි.
මෙහිදී වැදගත්ම කරුණ නම් හොදම වර්ගයේ තීන්ත තෝරාගැනීම සහ නිවැරදි ක්‍රමවේදයකට තීන්ත ආලේප කරගැනීමයි.ඒ සදහා තීන්ත ගැන සහ තීන්ත ආලේපය පිලිබද විශේෂ දැනුමක් සහිත කෙනෙකුගේ සේවය ලබාගත යුතුයි. එවැනි සේවාවක් ලබා ගැනීමට අවශ්‍යයි නම් අදම අප හා සම්බන්ධ වන්න. Workforce.lk