නිවස අලුත්වැඩියා කිරීමට හෝ අලුතින්ම නිවසක් සාදා ගැනීමට සිතනවා නම් දොරවල් ජනෙල් සදහා භාවිතා කරන්න සුදුසුම සහ නවතම විලාසිතාව කුමක්දැයි ඔබ සොයනවා ඇති.ආරක්ෂාව පිලිබද සහ හොද නිමාවක් ගැන සිතනවා නම් ඇලුමිනියම් තමයි හොදම තේරීම.ඒ සදහා හේතු රාශියක් පවතිනවා.
ඉතා ශක්තිමත්
ඉතාම ශක්තිමත්ය.එයට හේතුව ඇලුමිනියම් ඝනත්වයෙන් අඩු ලෝහයක් බැවිනි.
ඇලුමිනියම් සැහැල්ලු නමුත් ඉතාම ශක්තිමත් ඒ වගේම කාලයක් පවතිනවා.හොද නිමාවක් ලබා ගැනීමටත් පුලුවන්.UV කිරණ වලට ඉතා හොදින් ඔරොත්තු දේ.හිරු එලියේදී කිසිදු ප්‍රසාරණයකට හෝ හැකිලීමකට භාජනය නොවේ.ඇලුමිනියම් ඉතාම ශක්තිමත් නිසා වීදුරු දරා ගැනීමේ හැකියාව උපරිම මට්ටමක පවතිනවා. ඒ නිසා වැඩි අවකාශයක් සදහා වීදුරු භාවිතා කල හැකියි.ඒ නිසා පිටත වටපිටාව බාධාවකින් තොරව බලා ගත හැක.
ආරක්ෂිතයි
ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට ජනේල් සහ දොරවල් ලැයිස්තුවේ ඉහලින්ම තිබෙන දෙයක්.ශක්තිමත් භාවයෙන් ඉහල නිසා ආරක්ෂාව පිලිබද ගැටලු ඇති නොවේ.සුරක්ෂිත භාවය සදහා වන උසස් තත්වයේ උපාංග සවි කරගැනීමේ හැකියාවක් පවතී.ගින්නට ඔරොත්තු දීමේ හැකියාවක් පවතින නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති නොවේ.
නිර්මාණශීලි විලාසිතාවන් භාවිතා කිරීමේ හැකියාව
විවිධ නිර්මාණශීලි විලාසිතා භාවිතා කිරීමට බොහෝ දෙනෙක් කැමතියි. ඒ සදහා හොදම විකල්පය ඇලුමිනියම්. ත්‍රිකෝණාකාර/ විශාල / විවිධ තල ඔස්සේ තිබෙන ජනෙල් වුවත් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
වර්ණ භාවිතා කිරීමේ හැකියාව
විවිධ වර්ණ භාවිතා කිරීමේ හැකියාවක් පවතී.තනි වර්ණ හෝ පිටත බිත්ති වලට අදාලව වෙනත් වර්ණයකුත්, ඇතුලත නිර්මාණ සදහා ගැලපෙන වෙනත් වර්ණයකුත් භාවිතා කිරීමේ හැකියාවක් පවතී.දැව පෙනුමක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඒ සදහා DecoWood and Knotwood භාවිතා කල හැක.
කල්පවති
මලකඩ කෑමට ලක් නොවේ.ඉතාම තද වැස්සකට වුවත් ඔරොත්තු දීමේ හැකියාව ඇලුමිනියම් වලට පවතී.දැඩි සුලං සහිත තත්වයකදී වුවත් දරාගැනීමේ හැකියාවක් පවතී.නඩත්තු කිරීමකින් තොරව වුවත් ඉතා දීර්ඝ කාලයක් පවතී
නඩත්තු කිරීම පහසුයි
නඩත්තු කිරීම ඉතාම පහසුයි.දිනපතා පිරිසිදු කිරීම මගින් නව පෙනුමක් සෑම දිනකම ලබාගත හැක.සාමාන්‍ය දැව වලින් නිම කරනලද දොරක් හෝ ජනේලයක් කාලෙකට සැරයක් පොලිශ් හෝ තීන්ත ආලේප කලයුතු වෙනවා. නමුත් ඇලුමිනියම් වල විශේෂත්වය වනුයේ එය නිම වන්නේ පවුඩර් කොටඩ් (sleek powder coat finish) ආවරණයක් සහිතව නිසා තීන්ත ආලේප කිරීම කිසිම දිනක අවශ්‍ය නොවීමයි.
විවිධ වර්ගයේ වීදුරු භාවිතා කිරීමේ හැකියාව
පුලුල් පරාසයක, විවිධ මෝස්තරයේ, විවිධ වර්ණයන්ගෙන් යුතු වීදුරු භාවිතා කිරීමේ හැකියාවක් පවතී
පරිසර හිතකාමි
ඇලුමිනියම් ප්‍රතිචක්‍රිකරණය කල හැක.මෙය ඇලුමිනියම් වල පරිසර හිතකාමි ලක්ෂණයකි.නඩත්තු කිරීමේදී තෙල් හෝ තීන්ත ආලේප කිරීම අවශ්‍ය නොවේ.එම නිසා අහිතකර වායුන් වායුගෝලයට මුදාහැරීමක් සිදු නොවේ.
මෙවැනි හේතූන් රාශියක් නිසා ඇලුමිනියම් වලට ඉහල ජනප්‍රියත්වයක් ලැබී තිබෙනවා. දක්ෂ පලපුරුදු ඇලුමිනියම් සම්බන්ධයෙන් හොද දැනුමක් ඇති අයෙක් ලවා දොර ජනෙල් සාදවා ගතහොත් හොද නිමාවක් සමග නව පෙනුමක් ලබා ගැනීමට ඔබටත් පුලුවන්