Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?

grass cutting machine
Posted on by Nish De Silva

තණකොල වර්ග රාශියක් අද වෙනකොට තියනවා. තණකොල වවන්න කලින්/ අතුරාගන්න කලින් තණකොල ගැන දැනුමක් තියන එක වටිනවා.

තණකොල වර්ග

තණකොල වර්ග රාශියක් තියනවා වගේම ඒවා වැවෙන උස ප්‍රමාණ එකිනෙකට වෙනස්.

Buffalo Grass
Green Couch
Queensland Blue Couch
Japanese Lawn Grass
Manila Grass
Kikuyu
Broadleaf Carpet Grass
Australian Grass
Malaysian Grass

තණකොල වැවෙන උස ප්‍රමාණ

මේ වර්ග අතුරින් ලංකාව තුල වැඩි වශයෙන් ජනප්‍රිය වර්ග වනුයේ

Buffalo Grass
Australian Grass
Malaysian Grass
මේ අතරින් Australian Grass නඩත්තු කරන්න ටිකක් අපහසුයි.

තණකොල කප්පාදු කිරීම

තණකොල වැවීම කාලගුණය, පස, හිරු එලිය,ජලය ඒ වගේම කාලය අනුව තීරණය වෙනවා. පලමු කප්පාදුවට පසු දෙවන කප්පාදුවට දිගු කාලයක් නොගත යුතුයි.තණකොල ඉතාමත් වේගයෙන් වැවෙනවා නම් සතියක්ට සැරයක් කප්පාදු කරන්න ඕනි.

කප්පාදු මට්ටම අදුරගන්නේ කොහොමද ?

සෞඛ්‍ය සම්පන්න තණකොල වගාවක් අවශ්‍යයි නම් තණකොල නියමිත ප්‍රමාණයටම කපාගන්න ඕනි. ගසේ කෙලවරටම කැපීම සිදුකලහොත් ගසේ සෞඛ්‍ය සම්පන්න බවට හානිවෙන්න පුලුවන්. වඩා උසට තණකොල වැවී ඇත්නම් නියමිත උසට ගැනීමට කීප වාරයක්ම කප්පාදු කරන්න සිදු වෙනවා. එතකොට කාලයත් මුදලුත් දෙකම නාස්ති වෙනවා ඒ නිසා කප්පාදු කාලය හදුනා ගැනීම ඉතාමත් වැදගත් සාධකයක්.

හරිම උස මොකක්ද?

සාමාන්‍යයෙන් තණකොල ගසේ උස ප්‍රමාණයට වඩා වැඩියෙන් වර්ධනය වෙලා නම් අන්න ඒ අවදිය තමයි කප්පාදුවට හොදම කාලේ

Buffalo Grass 30mm – 50mm අතර උසකට වැවෙනවා.
Australian Grass, Malaysian Grass 15mm – 30mm අතර උසකට වැවෙනවා.

කොයි හරියෙන්ද කපන්න ඕනි?

තණකොල ගහේ සම්පූර්ණ උසෙන් 1/3 ක් තමයි කපාගන්න ඕනී.පහත රූපසටහන බලන්න.

වැස්ස කාලේ තණකොල කපන එක හොදයිද නරකයිද?

තණකොල තෙත් සහිතයි නම් කප්පාදු කරන්න එපා. ඒකට හේතුව තණපත්‍ර වල ප්‍රමාණය, ජලය නිසා විශාල වෙලා තියෙන්න පුලුවන් එතකොට හරිම ප්‍රමාණයට/උසට කප්පාදු කරගන්න අමාරුයි. පත්‍රය මත ජල බින්දු රැදී පවතින විට පිලිවෙලට ලස්සනට කපාගන්න අපහසුයි.

රටාව වෙනස් කරන්න

හැමදාම එකම විදියට කප්පාදු කරන්නේ නැතුව වෙනස් රටාවන්ට කප්පාදු කරලා බලන්න.

තණකොල ගැන නිසි අවබෝධයක් තියන නියමිත උස ප්‍රමාණ ගැන දන්න, ගසේ කොයි තැනින්ද කප්පාදුව සිදුකල යුත්තේ කියලා දන්න, නැවත කප්පාදුව සිදුකල කල යුතු කාලය ගැන කියන්න පුලුවන් කෙනෙක් ලවා නිරන්තරයෙන් කප්පාදුව කරගත්තොත් ලස්සන ගෙවත්තක් පවත්වාගෙන යන්න පුලුවන් වගේම කාලය මුදල් දෙකම ඉතිරි කරගන්නත් පුලුවන්.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.