හුගක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි වැහිපීලි පිරිසිදු කරගන්න එක.වැහිපීලි නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීම සිදු කරනවා නම් නිරන්තරයෙන් වැහිපීලි පිලිසකර කිරීම අවශ්‍ය වෙන්නේ නෑ.
කුමන කාල වලටද වැහිපීලි පිරිසිදු කරගන්නේ?
ඊලගට එන ප්රශ්නය තමයි කුමන කාල වලටද වැහිපීලි පිරිසිදු කරගන්න ඕනි කියන එක. ගස් වල කොල වැටෙන කාලේට පිරිසිදු කරගැනීම තමයි හොදම.හැබැයි නිවස ආසන්නයේම ගස් ගොඩක් තියනවා නම් නිරන්තරයෙන් පිරිසිදු කර ගැනීම වැදගත්.
ඇයි වැහිපීලි නිරන්තරයෙන් පිරිසිදු කරගන්න අවශ්‍ය?
වැසි ජලය කලමණාකරනය කිරීම අත්‍යාවශ්‍ය දෙයක් සමහර පැරණි ගෙවල් වල වැහිපීලි දක්නට ලැබෙන්නේ නෑ. නමුත් නූතන සෑම නිවසකම පාහේ වැසිජලය කලමණාකරනය කිරීමට වැහිපීලි පද්ධතියක් දක්නට ලැබෙනවා.
වහලයට වැටෙන ජලය නිසිපරිදි පොලවට ගලායාමට සැලැස්වීම සිදුකරනු ලබන්නේ වැහිපීලි මගින් එහිදී වැහිපීලි නිසිපරිදි පිරිසිදු නොකර තිබුනහොත් වැසිජලය ගලායාම නිසිපරිදි සිදු නොවේ. එවිට පහලමාලයට ජලය කාන්දූ වීම, අත්තිවාරම ඉරි තැලීම,වහලයට හානි සිදු වීම, තෙතමනය නිසා ඇතිවන හානි වැනි නොයෙකුත් ගැටලු ඇතිවිය හැක.
වැහිපීලි පිරිසිදු නොකලහොත් සිදුවිය හැකි හානි
අත්තිවාරම :
අත්තිවාරම අවට පස ආරක්ශා කිරීම වැහිපීල්ලක ප්‍රධාන කාර්යය වනවා. වැහිපීලි පිරිසිදු නොකලහොත් ජලය නිසිපරිදි ගලා යාම සිදු නොවන නිසා අත්තිවාරමට හානි සිදුවිය හැකියි.අත්තිවාරම පිලිසකර කිරීමට අධික මුදලක් වැය කිරීමටද සිදුවනු ඇත.
පහතමාලය:
පහතමාලයට වතුර කාන්දු වීම සිදුවිය හැක.තෙතමනය නිසා බිත්තිවල දිලීර පුස් වර්ග ඇති විය හැක.
මදුරුවන් : ප්‍රධාන සෞඛ්‍යමය ගැටලුවකි.පිරිසිදු නොකරන ලද වැහිපීලී මදුරුවන් බෝවීම සදහා හොදම අවකාශයක්. මදුරුවන් මගින් නොයෙකුත් මාරාන්තික රෝග පවා ඇතිවිය හැක.
කොහොමද වැහිපීලි පිරිසිදු කරගන්නේ?
කාලයක් සැලසුම් කර නියමිත කාලයේදී පිරිසිදු කරගැනීම සිදුකල යුතුයි.
අවශ්‍ය වන්නේ අත්වැසුම්, හිස් වැසුම් සහ ඉනිමගක් පමණයි. එහිදී ආරක්ශිත ශක්තිමත් ඉනිමගක් භාවිතයට ගැනීම ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වෙනවා.
වැහිපීලි පිරිසිදුව තබා ගැනීම ඔබට, ඔබේ නිවසට, ඔබේ පවුලේ අයට වගේම ඔබ අවට වාසය කරන අයටත් වැදගත් වෙනවා.