පොත් රාක්කයක් (Bookshelf)
පොත් රාක්කය තියෙන්නේ ගෙදර වෙනම ස්ථානයක නම් හෝ පොත් තියන්න තැනක් නැත්නම් තරප්පු පෙල යට තියන මේ හිස් අවකාශය ඒ සදහා භාවිතා කරන්න පුලුවන්. වෙනස්ම සංකල්පයක් එක්ක නිවසට වෙනසක් එකතු වෙනවා වගේම ඉඩත් ඉතුරු කරගන්න පුලුවන්

කාර්යාලය ලෙස
ලැප්ටොප් එක, දුරකතනය, අවශ්‍ය පොත් පත් එක්ක මෙම අවකාශයේ පුංචි කාර්යාලයක් හදාගන්න පහසුකම තියනවා. ඕනි නම් අනිත් අයගෙන් කරදරයක් නොවෙන්න, ඉඩත් ඉතුරු වෙන Sliding Door එකක් දාගන්නත් පුලුවන්.

Reading Area
පොත් කියවන්න තැනක් නැද්ද?එහෙනම් තරප්පු පෙල යට තියන මේ හිස් අවකාශය පොත් කියවන්න භාවිතා කරන්න පුලුවන්.හිතාගන්න බෑ නේද කොහොමද කියල? එහෙනම් පහත රූපයෙන් ඔයාට අදහසක් ගන්න පුලුවන්

සුරතල් සතුන් සදහා
සුරතල් සතුන් ඇති කරනවා නම් එයාලව ගේ ඇතුලේම තියාගන්න හුගක් අය කැමතියි. ඒත් ඒකට වෙනමම කාමරයක් නැත්නම් ඒ සදහා තරප්පු පෙල යට තියන හිස් අවකාශය භාවිතා කරන්න පුලුවන්

මුලුතැන්ගෙය විදියට
ඔයාගේ ගෙදර ඉඩ ප්‍රමාණය ගොඩක්ම පුංචිද?තරප්පු පෙල යට තියන ඉඩ ප්‍රමාණය මුළුතැන්ගෙය විදියටත් භාවිතා කරන්න පුලුවන්. හිතාගන්න බෑ නේද? බලන්නකෝ මේ පින්තූරය දිහා අදහසක් ගන්න පුලුවන් වෙයි.

භාණ්ඩ අසුරා තබා ගැනීමට
ලාච්චු කීපයක් සවි කරගෙන භාණ්ඩ අසුරා තබා ගන්නා ස්ථානයක් විදියටත් මේ අවකාශය භාවිතා කරන්න පුලුවන්. විවිධ මෝස්තරයේ, නවීන විලාසිතාවෙන් මෙම ලාච්චු සාදාගත හැකියි.

වයින් බෝතල් අසුරා ගැනීමට
වයින් බෝතල් අසුරා ගනුලබන ස්ථානයක් ලෙසද මෙම අවකාශය භාවිතා කල හැක.

බෑග් සෙරෙප්පු සපත්තු වලට ඉඩක්
ගෙදර පුංචි දරුවෝ ඉන්නවා නම් ඉස්කෝලේ ගිහින් ඇවිත් බෑග් එක, බෝතලේ, එතකොට බැට් එක බැට්මින්ටන් පිත්ත තැන් තැන් වල දානවා ඇති. ආයේමත් ඕනි වෙනකොට හොයාගන්නත් අමාරුයිනේ. මේ තරප්පු පෙල යට තියන හිස් අවකාශය භාවිතා කරලා එම උපකරණ තියාගන්න පුලුවන්.

රාමු කල පින්තූර තියන්න තැනක්
රාමු කල පින්තූර තියන්න තැනක් නැත්නම් ඊට සුදුසුම ස්ථානයක් තමයි තරප්පු පෙලේ යට හිස් අවකාශය එතකොට පින්තූර බිම තියන්න අවශ්‍ය වෙන්නෙත් නෑ

ශීතකරණය තියන්න තැනක්
ශීතකරණය තියන තැන ශීතකරණයේ ප්‍රමාණයටම ඉඩක් වැය වෙනවා කියලා ඔබ දන්නවානේ. ඒ ඉඩ ප්‍රමාණය වැය නොවී ශීතකරණය තියාගන්න පුලුවන් මේ අවකාශයේ.

මේ වගේ විවිධාකාරයෙන් තරප්පු පෙලේ හිස් අවකාශය භාවිතා කරන්න පුලුවන් ඔයත් උත්සහ කරලා බලන්න.