Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

උළුවහු සහ ජනේල රාමු වලට සුදුසුම දැවද? නැත්නම් කොන්ක්‍රිට්ද?

windows in upstaire
Posted on by Nish De Silva

බිත්ති වලින් පස්සේ, මිලඟට එලඹෙන වැදගත් අයිතමයක් තමයි දොර සහ ජනෙල් රාමු සවිකිරීම. ඒවා ගොඩනැගිල්ලට සවිකිරීම, සාමාන්‍ය ව්‍යවහාරයේදී උළුවහු තැබීම/පැනීම විදිහට හදුන්වනු ලබනවා.

දැව ජනෙල් රාමු සහ දොරවල්

අපේ රටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්.සාමාන්‍යයෙන් ලී උළුවස්සක් හෝ ජනේලයක්, හරස්කඩ 3”x4” ප්‍රමාණයේ ලී භාවිතාකර නිර්මාණය කරගනු ලබනවා.

භාවිතා කරනු ලබන දැව වර්ග

වියලි කලාපයේ
කොහොඹ. තේක්ක ආදී ශක්තිමත් දැව වර්ග භාවිතා කරනු ලබයි

තෙත් කලාපයේ
කොස් දැව හෝ ආනයනික කෙම්පස් / බලව් යන දැව වර්ග භාවිතා කරනු ලබයි.

උඩරට ප්‍රදේශ වල
යුකැලිප්ටස්(ටර්පන්ටයින්) වර්ග වන මෛක්‍රෝ, ගාන්ධීස් දැව වර්ග භාවිතා කරනු ලබයි.

මේ මොන දැවය භාවිතා කලත් අපට අවශ්‍ය විදිහට වර්ණ ගන්වා, එකම විදිහේ නිමාවක් ලබාදෙන්න පුළුවන්.මොකද සමහර විට ඔබ භාවිතා කලේ මිල අධික දැව වර්ගයක් වුවත්, ඔබේ නිවාසයේ තේමාවට අනුකූලව, සියළු දැව කොටස් අවසානයේදී මහෝගනී වර්ණයෙන් වර්ණගන්වන්නට (මහෝගනී යනු සාපේක්ෂව මිල අඩු දැව වර්ගයකි) ඔබට සිද්ධවෙන්න පුළුවන්. එහෙම වෙලාවට, මම මේ ජනේල හැදුවේ අසවල් ලී වර්ගයෙන්ය කියලා බෝඩ් එකක් එල්ලනවා හැරෙන්නට, අතිරේකව වියදම්වූ ලක්ෂ ගණනක මුදල වෙනුවෙන් ඔබට කරන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ.

උළුවහු බිත්තියට සවිකිරීම සිදු කල යුත්තේ කුමන අදියරේදීද?
මෙය අදියර දෙකකදී සිදුකරන්නට පුළුවන්.

  1. බිත්ති බැඳීම සිදුවන අතරතුර එයට සමාන්තර ලෙස – සවිවීම අතින් මෙම ක්‍රමය වඩාත් සුදුසුයි
  2. සුදුසු පරිදි කවුළු ඉතිරිකරමින් බිත්ති බැදීම සිදුකර පසුව උළුවසු තබා හිරකිරීම – උළුවසු වල පැවැත්ම සම්බන්ධයෙන් වඩාත් හිතකරයි

බිත්ති බැඳීම සිදුවන අතරතුරඋළුවහු බිත්තියට සවිකිරීම

කල්පැවැත්ම සදහා

මේ කවර ආකාරයට සිදුකලද ලී උළුවසු සදහා පලමුව දැව ආරක්ෂක ආලේප ද්විත්වයක් සහ සීලර් ආලේපනයක් සිදුකර උළුවසු තැබීම ඒවායේ කල්පැවැත්මටත්, මනා පෙනුම රැකගැනීමටත් අනිවාර්යයෙන් හේතු වෙනවා. ඒ වගේම අවශ්‍යතාව පරිදි අවුල්පාසු සවිකිරීමත් ඉතාමවැදගත්. විශේෂයෙන් බ්ලොක්ගල් බිත්ති සදහා අවුල්පාසු සවිකිරීම, උළුවස්ස (හෝ ජනේල රාමුව) බිත්තියට හොදින් සවිවීමට ලොකු මෙහෙයක් ඉටුකරනවා. අවුල්පාසුවක් (Hold pass) කියන්නේ උළුවස්සක් බිත්තියකට සවිකිරීම උදෙසා සකස්කර තිබෙන අවයවයකටයි. මෙවැන්නක් තහඩු පතුරක් හෝ කම්බියක් විය හැකියි. එතරම් සාර්ථක නැතත් සමහරු මේකට කටුකම්බිත් යොදාගන්නවා. විශේෂයෙන් සුලං පවතින ප්‍රදේශවල, ජනේල හෝ දොරපියන් වේගයෙන් වැසීමෙන්/ඇරීමෙන් ඇතිවන බලපෑම(Impact) සමනය කරගැනීමට මෙම අවුල්පාසු දායක වෙනවා.

සිසිල් බව රැකදෙන වා කවුළු

නිවස අභ්‍යන්තර පරිසරයේ සිසිල් බව රැකදෙන වා කවුළු, බීරළු, ලැටිස්, ආරුක්කු, ට්‍රෙලිස්, ලුවර, කැටයම් ලෑලි ආදී විවිධ මෝස්තර වලින් නිර්මාණය කෙරෙන අතර කාලානුරූපව ජනප්‍රියතාව උස්පහත් වෙමින්, නිවසේ බාහිර පෙනුම වැඩිකිරීමටත් යම් දායකත්වයක් ලබාදනවා.


“ලූවර“, සහිත වාකවුළු මෝස්තරයක්

විවිධ වාකවුළු මෝස්තර එකම නිවසට යොදාඇති අවස්ථාවක්

දැව වලට විකල්ප ක්‍රම

අපේ රටේ සම්ප්‍රදායික නිවාස ඉදිකිරීමකදී දොර සහ ජනෙල් රාමු සියල්ල ශක්තිමත් දැව වලින් නිමවා තිබෙනු දකින්න පුළුවන්. එහෙම වුනත් ඒ සදහා දැරීමට සිදුවන අධික පිරිවැයත්, හොද දැව සපයාගැනීමේ අපහසුතාවයත් යන කාරණා මත ඇතැම් නිර්මාණශිල්පීන් තම නිර්මාණ සදහා දැවමය දොර සහ ජනෙල් රාමු වෙනුවට යම් යම් විකල්පවෙත අවධානය යොමුකර තිබෙන අවස්ථා විරල නැහැ. වෙනත් විකල්ප භාවිතා කිරීම මගින් තම සේවාදායකයන්ට මූල්‍යමය ඉතිරියක් සිදුකරනු ලබන අතරම රටේ වනගහනය සුරැකීම සඳහාද යම් දායකත්වයක් එමගින් සැපයෙනවා. නිර්මාණශිල්පීන් යොදාගන්නා විකල්ප අතරින්, කොන්ක්‍රිට් දොර සහ ජනෙල් රාමු වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

කොන්ක්‍රිට් දොර සහ ජනෙල් වල වාසි


කොන්ක්‍රීට් ජනේල
  • දැඩි හිරුරැසට ඔරොත්තුදීමේ හැකියාව
  • කොන්ක්‍රිට් ප්‍රවාහණය සදහා බලපත්‍ර අවශ්‍ය නොවීම
  • පිරිමැසුම්දායකයි. සම්ප්‍රදායික දැවමය දොර සහ ජනෙල් රාමු සදහා යන වියදමින් 40% ක ඉතිරියක් මෙමගින් ලබාගන්න පුළුවන්
  • දොර/ජනෙල් කවුළුවට ඉහලින් කොන්ක්‍රිට් ලිංටලයක් ඉදිකිරීම අවශ්‍ය නොවීම
  • වනගහනය සුරැකීම
  • වැසිකාලයට පියන් හිරවීමට හෝ වියලි කාලයට ඉඩයාමට තියෙන හැකියාව ඉතා අවම මට්ටමක පවති
  • තෙතමනය සදහා සාපේක්ෂව වැඩි ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කරයි

කොන්ක්‍රිට් දොර සහ ජනෙල් වල අවාසි

අවාසිනව පිලියම් ක්‍රම
අසවු (සරනේරු) සවිවන ලී කට්ට (ප්ලග්) පසුකාලීනව ගැලවීයාමේ හැකියාවනුතන නිෂ්පාදනයන්හි මෙම ප්ලග් සියල්ල නොම්මර 1 කොස් දැවයෙන් යොදා ගැනෙන බැවින් හාණිවීමේ හැකියාව අවමවී ඇති අතර ගැලවීයාම වැලැක්වීමටද සුවිශේෂී උපක්‍රම යොදා ඇත
ලී කට්ට ප්‍රතිස්ථාපනය කිරීමට තිබූ නොහැකියාවලී කට්ටයක් හාණියට පත්වුවහොත් එය ගලවා අළුත් කට්ටයක් මාරුකිරීමේ පහසුව නුතන නිෂ්පාදනයන්හි ඇත
පළුදු පිලිසකර කිරීමේ අපහසුතාවයවිවිධ රසායන සහ පිරවුම් වර්ග විවෘත වෙලදපලෙහි පහසුවෙන් සපයාගත හැක
දොර සහ ජනෙල් රාමු බරින් වැඩිවීම නිසා ප්‍රවාහනයේ සහ හැසිරවීමේ අපහසුතාවයනූතන නිෂ්පාදන බොහොමයක් කොටස් වශයෙන් නිෂ්පාදනය කර වැඩබිමෙහිදී එකලස් කිරීමේ පහසුකම
රළු නිමාවකින් යුක්තයිඉතා උසස් නිමාවකින් වෙලදපලට නිකුත් කෙරෙන හෙයින් පින්තාරු කිරීම සඳහා අමතර පරිශ්‍රමයක් දැරීමට සිදු නොවේ
නිෂ්පාදකයන් රාමුවල ප්‍රමාණයන්(පලලXඋස), අවසන් නිමාව, ශක්තිය, සංයුතිය ආදී තත්වයන් පිළිබදව සම්මතයක් පවත්වාගෙන නොයෑම

ඔබේ නිවස සැලසුම් කරන අවස්ථාවේදී අදාල නිර්මාණකරුට ඔබ දොර සහ ජනෙල් ගොඩනංවන්න බලාපොරොත්තු වන්නේ කුමන අමුද්‍රව්‍යකින්ද කියලා දැනුවත් කරන එක ඉතාම වැදගත් කාරණයක්. මොකද එහෙම අවස්ථාවකදී ඔබේ නිවසට ගැලපෙන විකල්ප ක්‍රමවේද යෝජනාකරන්නට, ඔබේ නිර්මාණකරුවාට අවස්ථාව උදාවන නිසයි. දක්ෂ ගෘහනිර්මාණ (හෝ සැලසුම්) ශිල්පියකුට එවැන්නක් කිසිසේත්ම අභියෝගයක් නොවේ.

Originally written by Wiraj Rathnappriya

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.