වහලය හැරුණහම, නිවසක බාහිර පරිසරයේ කාලගුණික විපර්යාසයන්ගෙන් එහි ඇතුලත පරිසරය වෙන්කරනු ලබන ප්‍රධාන අවයවය බිත්ති විදිහට හදුන්වන්න පුළුවන්.
කාර්යභාරය අනුව නිවසක බිත්ති වර්ග
- ව්‍යුහාත්මක එහෙම නැතිනම් බර දරණා (Load bearing walls)
- වෙන්කිරීමේ බිත්ති (Partition walls)
- අලංකාරය උදෙසා ඉදිකෙරෙනු ලබන බිත්ති
- ශබ්ද වාරණ කටයුතු ආදී විශේෂ කාර්යයන් සදහා ඉදිකරනු ලබන ද්විත්ව බිත්ති
බිත්ති බැදීම සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය
- (මෝඩ)ගඩොල් (Adobe bricks)
- ඉංජිනේරු ගඩොල් (Standard bricks)
- ස්ලිප් ෆෝම් (Slip Form)
- බ්ලොග් ගල්
අපේ වගේ උෂ්ණාධික රටකට බිත්ති බැදීම සදහා හොදම අමුද්‍රව්‍ය මොකක් කියලද ඔබ හිතන්නේ? ඒ තමයි නොපිලිස්සූ අමු මැටියෙන් තනාපු (මෝඩ)ගඩොල් (Adobe bricks)
වර්ගය | සෑදී ඇති අමුද්‍රව්‍ය | වාසි | අවාසි |
---|---|---|---|
(මෝඩ)ගඩොල් (Adobe bricks) | නොපිලිස්සූ අමු මැටි | ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක්. මැටි ගඩොල පුරා පවතින කේෂික නල මාර්ගත් නිවස ඇතුලත පරිසරය සෞම්‍යව පවත්වාගැනීමට මහත් පිටුවහලක් සපයනවා. | ශක්තියෙන් අඩුයි නිවැරදි තෙත් නිවාරණ ක්‍රමවේදයක් අනුගමණය කර නැත කෘමි හාණි ඇතිවීම ප්‍රවාහණයේ අපහසුතාව |
මෙවැනි අවාසි සහගත තත්වයන් හේතුකොටගෙන මේ වන විට මේ ගඩොල් වර්ගය භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ.
ඉංජිනේරු ගඩොල් (Standard bricks)
වර්ගය | සෑදී ඇති අමුද්‍රව්‍ය | වාසි | අවාසි |
---|---|---|---|
ඉංජිනේරු ගඩොල් (Standard bricks) | පුළුස්සන ලද ගඩොල්, සම්මත මිණුමක් සහිතව නිර්මාණය කර ඇත. මිලිමීටර 215 x 102 x 65 | ඉතා ශක්තිමත් සපයා ගැනීම පහසුයි භාවිතය සහ ප්‍රවාහණය පහසුයි තාප කුසන්නායක ගුණය සහිතයි | ඉදිකිරීමේ ක්‍රියාවලියේදී වැඩිපුර පුහුණු ශ්‍රමය වැයවීම වැලි සහ සිමෙන්ති අධිකව වැයවීම අමුද්‍රව්‍ය(ගඩොල්)වල මිල අධිකයි |
මෙවැනි වාසි සහගත කරුණු කාරණා රැසක් නිසා ඉංජිනේරු ගඩොල් අද දවසේ නිවාස බිත්ති ගොඩනැගීමේ සුපිරි අමුද්‍රව්‍ය බවට පත් වුනත් අමුද්‍රව්‍ය වල මිල අධික බව නිසා ගඩොල් නිවාසයක් පසුම්බියට ඔරොත්තු නොදෙන තරමේ ඉතා වියදම්කාරී නිර්මාණයක් බවටද අද දවස වනවිට පත්වෙලා තියෙනවා.
නිවාස තැනීමේදී මේ ඉංජිනේරු ගඩොල් භාවිතා කරලා ඉදිකරනු ලබන බිත්ති වර්ග දෙකක් දකින්න පුළුවන්
- තනිගලේ බිත්තිය – බර දැරීමේ බිත්ති වර්ගයක් වන මෙය අඟල් 9ක් පලල බිත්තියකි.
- ගල් භාගේ බිත්තිය (බඩගල් බැම්ම) – අඟල් 4.5 ක් පලල වෙන්කිරීමේ කාර්යන්ට යෙදෙන බිත්තියකි.
හොද ගඩොලක් හොයාගන්නේ කොහොමද?
ගඩොලෙහි වර්ණය – නිසිලෙස නොපිලිස්සුන ගඩොල් වැසි ජලයේ දියවීම සුලභ කාරණයකි. අහඹු ලෙස ලබාගත් ගල් සාම්පල කිහිපයක් පැයකිහිපයක් ජලබදුනක ගිල්වාතැබීම ඒ සදහා සුදුසුම පරීක්ෂණයක් වෙයි. විවිධ පස්වර්ගයන් විවිධ වර්ණයන් ලබාදෙන බැවින් පලපුරුද්දක් නැත්තකුට ගඩොලෙහි වර්ණය එය නිසිලෙස පිලිස්සී ඇතිබව විනිශ්චයට ඉතාහොද දර්ශකයක් නොවේ.
ගඩොලෙහි ශක්තිය – ගඩොලෙහි වර්ණය සහ ශක්තිය අතර පැහැදිලි සම්බන්ධතාවක් නැත. මක්නිසාදයත් දර භාවිතා කරන පෝරණුවල ගඩොල් බොහොමයක් වර්ණයෙන් දුර්වල නමුදු ශක්තියෙන් පොහොසත්ය. දහය්යා පෝරණු වල ගඩොල් වර්ණයෙන් නම් පොහොසත්ය.
හඩ – තට්ටු කිරීමේදී නිකුත්වන හඩ ගඩොලයේ තත්වය දක්වන ඉතාහොද දර්ශකයකි.
ප්‍රවාහණයේදී ගඩොලෙහි ශක්තියෙන් යම් ප්‍රමාණයක් හාණිවේ. කෙසේවුවද ප්‍රතිශතයක් වශයෙන් ඔබට ලැබීඇති ගඩොල් තොගයෙන් කැඩී ඇති ගඩොල් සංඛ්‍යාව 3%ට වඩා අඩුනම් ( ගඩොල් 1000 කට කැඩුන ගල් 30) එය නරක තත්වයක් නොවේ.
ස්ලිප් ෆෝම් බිත්ති (Slip Form Walls)
වර්ගය | සෑදී ඇති අමුද්‍රව්‍ය | වාසි | අවාසි |
---|---|---|---|
ස්ලිප් ෆෝම් | ගල්කුඩු(Quarry Dust) සහ සිමෙන්ති 1:12 අනුපාතයකට ගෙන 2% ක කොහුකෙදි ප්‍රමාණයක් සහිතව සීමිත ජලප්‍රමාණයක් යටතේ මිශ්‍ර කොට සාදනු ලබයි | වේගවත් ඉදිකිරීමක් සිදුකිරීමේ හැකියාව බිත්ති ලඹකිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවීම එක් දිනක් තුල සම්පූර්ණ බිත්තියක්ම ඉදිකල හැක කපරාරු කිරීම අනවශ්‍යයි අඩු අමුද්‍රව්‍ය පිරිවැය | අදාල ක්‍රමවේදයන් භාවිතය සදහා විශේෂ පුහුණුවක් සහ උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වීම කපරාරු නොකරන ලද ස්ලිප්ෆෝම් බිත්තියක නිමාව, කපරාරු කරන ලද බ්ලොක්ගල් බිත්තියක් හා සැසදීමේදී 95% නොඉක්මීම ගඩොල් බිත්තියක් හා සැසදීමේදී ගොඩනැගිල්ලක ඇතුලත පරිසරයේ උශ්නත්වය සමනය කිරීමට එය දායක නොවීම |
පසුකාලීනව බ්ලොක්ගල් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ මෙම බිත්ති වර්ගය ඉදිකිරීම අඩු බවක් දක්නට ලැබෙනවා
බ්ලොග් ගල්
අපේරටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අදදවසේ බහුලවම භාවිතා කෙරෙන බිත්ති බැඳීමේ අමුද්‍රව්‍ය තමයි සිමෙන්ති බ්ලොක්ස් එහෙමත් නැතිනම් බ්ලොග් ගල්
වර්ගය | සෑදී ඇති අමුද්‍රව්‍ය | වාසි | අවාසි |
---|---|---|---|
බ්ලොග් ගල් | සිමෙන්ති වැලි මිශ්‍රණයක් සහිත බදාම මිශ්‍රණයක් සම්පීඩනයකට ලක්කර සාදනු බලයි. සම්මත බ්ලොක්ගලක් උසින් මිමි 190 (7.6") සහ දිගින් මිමි 390 (15.6") වන විට මිමි 100, 150, 200 (4",6",8") යන පලලින් යුක්ත වේ | ගඩොල් වලට සාපේක්ෂව ලාබදායි අඩු යෙදවුම් ප්‍රමාණයකින් නිෂ්පාදනය කරගත හැක ආකර්ෂණීය වෙලදපල තත්වය | ගඩොල් වලට සාපේක්ෂව වැඩි පිපුරුම් සහ ඉරිතැලීම් ඇති විය හැක රස්නය වැඩියි |
බ්ලොක් ගල් මාදිලි
- ඝණ (Solid )
- කුහර සහිත( Hollow)
මෙයින් සම්මත වර්ගය වන්නේ කුහර සහිත බ්ලොක් ගලයි.ස්කන්ධයට සාපේක්ෂව වැඩිම ශක්තියක් දරනු ලබයි.ඉදිකිරීමේදි ගල් ස්ථර බදාමයට හොදින් සවිවීමත්, ලඹකිරීමේ පහසුවත්, සැහැල්ලු නිසා වැඩකිරීමේ පහසුවත් කුහර ගල ලබාදෙනවා.
ඔබේ නිවස සැලසුම් කරන අවස්ථාවේදී අදාල නිර්මාණකරුට ඔබ බිත්ති ගොඩනංවන්න බලාපොරොත්තු වන්නේ කුමන අමුද්‍රව්‍යකින්ද කියලා දැනුවත් කරන එක ඉතාම වැදගත් කාරණයක්. මොකද එහෙම අවස්ථාවකදී ඔබේ නිවසතුල පරිසරය, වඩා සිසිල් එකක් බවට පත්කරන්නට අවශ්‍ය විකල්ප ක්‍රමවේද යෝජනාකරන්නට, ඔබේ නිර්මාණකරුවාට අවස්ථාව උදාවන නිසයි. දක්ෂ ගෘහනිර්මාණ (හෝ සැලසුම්) ශිල්පියකුට එවැන්නක් කිසිසේත්ම අභියෝගයක් නොවේ.
Originally written by Wiraj Rathnappriya