Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

කූඹීන්ගෙන් වේයන්ගෙන් කරදරයිද? නිතරම බිත්ති මත තෙත පැල්ලැම් ඇති වෙනවද?

foundation & building stage
Posted on by Nish De Silva

මේ වගේ ප්‍රශ්න වලට ඔබත් මුහුණ දෙනවද?සමහර විට හේතුව ඔබ නොහිතන දෙයක් වෙන්න පුලුවන්.ගෙදර අත්තිවාරම දානකොට තෙත් නිවාරණ වැටියක් (DPC)දැම්මද?

තෙත් නිවාරණ වැටිය නැතහොත් DPC එක.මොකක්ද මේ DPC එක කියන්නේ?

නමෙහි අර්ථයෙන්ම තෙත් නිවාරණ වැටිය (DPC- Damp Proof Course) යනු තෙතමණය සදහා වන බාදකයකි. එනම් නිවසක අත්තිවාරමක වැඩ අවසන්කරමින් මතුපිට සමතලවන ලෙස යොදන කපරාරුවක්.DPC එකක් නොමැතිව නිවාස ඉදිකර ඇති අවස්ථාද ඇතැම්විට දැකගත හැකි අතර බොහෝ නිවාසවල තෙත් නිවාරණ වැටිය එහි නියම කාර්යභාරය සදහා සූදානම්කර නැහැ.

තෙත් නිවාරණ වැටියේ කාර්යයභාරය

පොලවෙහි ඇති තෙතමණය, අත්තිවාරම ඔස්සේ (කේෂික සිදුරු ඔස්සේ කේෂාකර්ෂණය කියන සංසිද්ධිය මගින්) ගොඩනැගිල්ලේ ඉහල කොටස් කරා සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සදහා අත්තිවාරම මතුපිටදී තිරස් බාධකයක් ‍ලෙස ක්‍රියාකිරීම මෙහි ප්‍රධානම කාර්යභාරය වනවා.

තෙත් නිවාරණ වැටියක් නැත්නම් මොකද වෙන්නේ?

ගොඩනැගිල්ලේ ඉහල කොටස් තෙතමනයට ලක්වීම මත බිත්තිමත පැල්ලම් ඇතිවීමට අමතරව කෘමි හා ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයන් ඉහලයාම මගින් ගොඩනැගිල්ලක බොහෝ කොටස් හාණියට පත්වීම සිදුවිය හැකියි. දැවමය කොටස් හැරෙන්නට වෙන මොනවද ඒ විදිහට හාණියට පත්වෙන්න පුළුවන්? ඔබේ නිවසේ විදුලිතත් ඇදීම සිදුකෙරුණ කොන්ඩියුට් බට තුල කූඹීන් හෝ වේයන් වර්ධනය වූව හොත් ඔවුන්ගේ ක්‍රියා මත ඇතැම්විට විදුලිතත් (වයර) පවා කාලයත් සමග හාණියට පත්විය හැකිය. නිවස ගොඩනඟා අවුරුදු 4 ක් 5ක් ගතවූ විටකදී එවැන්නක් සිදුවූවිට විඳින්න වෙන අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

අපේ රටේ බහුලව යොදාගන්නා තෙත් නිවාරණ වැටි වර්ග දෙකක් තියෙනවා.

  1. සිමෙන්ති වැලි තෙත් නිවාරණ වැටිය
  2.  
    මෙම කපරාරුව 1:3 සිමෙන්ති : වැලි අනුපාතයක් සහිතව 3/4“ ඝණකමට යෙදීමත්, කපරාරුව හොදින් පදම්වූ පසුව එයමත දෙවරක් උණුතාර (නැතහොත් බිටුමන් ඉමල්ෂන්) ආලේපකර, සිනිදුවැලි ඉස නිමකරගැනීමත් වැදගත් වෙනවා. මෙහිදී කපරාරුව පදම්වීම සදහා දින 7ක් තැබීම වඩා යෝග්‍ය වන අතර මුල්දින 3 එය ජලයෙන් තෙත් කිරීමද වැදගත්. බිටුමන් ඉමල්ෂන් යනු කාමර උෂ්නත්වයේදී ද්‍රව තත්වයෙන් භාවිතාකලහැකි සහ ජලයේ දියවන තත්වයට වැඩිදියුණු කරන ලද තාර වර්ගයකි. වෙලදපලෙන් “ඩීපීසී තාර“ යන පොදු නාමයෙන් මේවා ලබාගත හැක. වැලි ඉසීම මගින්, මෙම තාර ස්ථරය හිරුරශ්මියට උණුවී ගලායාම වලකාදමනු ඇත.

  3. කොන්ක්‍රිට් තෙත් නිවාරණ වැටිය
  4.  
    සත්‍ය වශයෙන්ම අපේ රටේ මෙය භාවිතා කරන්නේ කළුගල් අත්තිවාරමට අමතර ශක්තියක් ලබාදෙන කොන්ක්‍රිට් – බිම්තලාඳයක් වශයෙන් වුවත් දෙපසට යොදන ගඩොල් හැඩයම හා ස්පර්ශ නොවනලෙස බිත්ති ඉදිකලහැකිනම් මෙයද සාර්ථක තෙත් නිවාරණ වැටියක් බව කිවයුතුය. මෙයට අමතරව ලොව පුරා භාවිතාකරන තෙත් නිවාරණ වැටිවර්ග තවත් තිබුණත් ඒවා අපේ රටේ ජනප්‍රිය නැහැ.

ඔබේ නිවස ගොඩනඟන්නේ වර්ෂාව හෝ පසෙහි තෙත් බව වැඩි පරිසරයක නම්, එහෙමත් නැතිනම් වියලි වුනත් ශීතල පළාතකනම්, නිවැරදි තාක්ෂණය අනුගමනය කල තෙත් නිවාරණ වැටියක් යොදාගැනීම නුවණට හුරුයි.

Originally written by Wiraj Rathnappriya

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.