Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

ඔබ ඉඩමක් මිලටගැන්මට සිහින මවනවාද?

3D view of land that sales
Posted on by Nish De Silva

post2img1

ඔබත් නව නිවසක් තැනීමේ අරමුණින් ඉඩමක් මිලදීගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන්නෙක්නම් මේ කාරණා ඔබට අනිවාර්යයෙන් වැදගත් වේවි.

ඉඩම නිරවුල්ද?

මිලදීගනු ලබන ඉඩමෙහි බලයලත් මිනින්දෝරු වරයකුගේ අත්සන සහිත පිඹුරක් (Plan) තිබිය යුතු අතර කට්ටි සැලැස්ම පලාත් පාලන ආයතනය විසින් අනුමත කර තිබියයුතුය.

ඉඩමෙහි පුර්ණ අයිතිය විකුණුම්කරු සතුවිය යුතුය. නැතහොත් හවුල් අයිතිකරුවන් විසින් අයිතිය අත්හැරීමේ ලියවිල්ලකට අත්සන් තැබිය යුතුය. මෙහිදී වසර 30 කට අදාලව ඔබ මිලදීගැනීමට යෝජිත ඉඩමෙහි පෙලපත සහ අවසන් ලියාපදිංචියෙහි පත්ඉරු පරික්ෂා කිරීමක් ඔබගේ නීතීඥවරයා විසින් සිදුකෙරෙනු ඇත. වඩාත් සුදුසුම ක්‍රමය නම්, ඉඩම අත්පිට මුදලට නොගෙන, එය ඇපයට තබා පිලිගත් වානිජ බැංකුවකින් සුළුහෝ ණයක් ලබා ගැනීමයි.මක් නිසාද යත් බැංකු විසින් සියළු ලියකියවිලි ගැඹුරින් පරික්ෂා කෙරෙනු ලබන බැවින්, බැංකුව ඔබගේ ඔප්පුව සදහා රක්ෂණයක් ඉල්ලා නොසිටින්නේනම් ඔබගේ ඉඩමෙහි නිරවුල්බව පිලිබදව එය ඉතා හොද සහතිකයක් වන බැවිණි.

ප්‍රධාන මාර්ගයේ සිට දුර

ඔබ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ගෙන් තොර, පදිංචිය සදහාම ඉඩමක් තෝරන්නේ නම් ප්‍රධාන මාර්ගයට මායිම්වනසේ ඇති ඉඩම් තෝරාගැනීමෙන් වැලකීම වැදගත්. ඔබ ප්‍රවාහන පහසුකම් පිලිබදව බොහෝ සේ සැලකිලිමත් වේ නම් ප්‍රධාන මාර්ගයට ඉඩම්කට්ටි 2ක් පමණ ඇතුලතින් වන ඉඩමක් තෝරාගන්න. නැතිනම් තවදුරටත් ප්‍රධාන මාර්ගයෙන් දුරස්ථව පිහිටි වඩා මිලෙන් අඩු ඉඩමක් ඔබට තෝරාගත හැක.

ඉඩමේ හැඩය සහ පිහිටීම

ඉඩම සමතල එකක් වීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. දක්ෂ නිර්මාණ ශිල්පියකුට වඩා බෑවුම් සහිත භූමියක් අනිවාර්යයෙන්ම උසස් නිර්මාණයක් බිහිකිරීම සදහා හොද වේදිකාවක් වනු ඇත. නමුදු ඔබ ඉදිකිරීම් වියදම ගැන බොහෝ සේ සැලකිලිමත් වේ නම් සමතල ඉඩමක් වඩා පිරිමැසුම්දායක එකක් වනු ඇත.

ඉඩමක හැඩය ආයත චතුරස්‍ර (Rectangular) වීම වඩාත් ඵලදායී වේ. ත්‍රිකෝණාකාර හෝ පාද 4 ට වැඩි බහුඅස්‍රාකාර ඉඩමක ඉඩකඩ අපතේ යාම වැඩිවියහැක.

පූජ්‍ය ස්ථානයකට, සොහොනකට, මංසන්ධියකට, වගුරුබිමකට එකෙල්ලේ මුහුණලා පවතින ඉඩම් පදිංචිය සදහා උචිත නොවීමට ඉඩ ඇත.

ගොඩනැගිලි ඉදිකිරීම සදහා බොරළු පොලවක් පැවතීම ඉතා වාසිදායකය. මක් නිසාද යත් ශක්තියෙන් වැඩි බැවින් අත්තිවාරම් සදහා වියදම් අඩු සරල ව්‍යුහ යොදාගත හැකි වීමත්, බොහෝවිට පරිභෝජනයට යෝග්‍ය ජලය පැවතීමත්, පශ්චාත් ගිලාබැසීම් වලින් සිදුවන ඉරිතැලීම් වලින් ඔබේ නිවස බොහෝදුරට ආරක්ෂාවීමත් ආදිය දැක්විය හැක. නමුදු බොරළු පසක් සහිතව ඔබ මිලදීගන්නා ඉඩම පිටතින් ගෙනන ලද පසින් පුරවා සකසන ලද සාවද්‍ය බොරළු පොලවක් නොවන බවටත්, නියං කාලවලදී සිදීයන ජල පහසුව අඩු පොලවක් නොවන බවටත් සැකහැර දැනගත යුතුවෙනවා.

මේ හැරෙන්නට තදමැටි, මධ්‍යම තදමැටි, මධ්‍යම තද වැලි යන කවර පසක් වුවද සාමාන්‍ය තත්වය යටතේ, ඉදිකිරීම් කටයුතු සදහා යෝග්‍ය වේ. කෙසේවුවද ඉතා ලිහිල් මැටි හෝ ඉතා ලිහිල් වැලිපොලවක් පැවතීම ඉදිකිරීම් වියදම ඉතා විශාල ලෙස ඉහල දමනුලබන අතර මතුපිට පස් ස්ථරයට අඩි කිහිපයක් යටින් නොදිරූ ද්‍රව්‍ය සහිත දුර්වල පස් ස්ථරයක් (Peat) පවතීනම් තත්වය වඩාත් බැරෑරුම් වනු ඇත.

පදිංචියට හොදම ඉඩම ගංවතුරට යට වෙනවද?

තාක්ෂණික වශයෙන් ඉඩමෙහි වැසි ජලය බැස යාමේ ස්වාභාවික ක්‍රියා පිලිවෙත පිලිබදවත්, ගංවතුර තර්ජන මට්ටම පිලිබදවත්, පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් හෝ අපද්‍රව්‍ය බැහැරකිරීමේ පහසුකම් සැපයෙන්නේ නැති නම් පසෙහි ජලමට්ටම පිලිබදවත් පසෙහි ස්වභාවය පිලිබදවත් සැලකිම වැදගත්. ඔබේ ඉඩම ගංවතුර තර්ජනයට ලක්වේනම් ඒ සදහා පූර්ව පිලියම් යෙදීමට නිවස තැනීමේදී අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත

වැසිකාලයන්හිදී පසෙහි ජලමට්ටම පොලව මතුපිට හා ඉතා ආසන්න වේ නම් වැසිකිලි අපද්‍රව්‍ය බැහැරකිරීමේ පද්ධතියෙහි ගැටළු ඇතිවනු ඇත. එ සදහා ඔබට අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

ඉඩමෙහි එකතුවන වැසිජලය ස්වාභාවික ලෙස බැසයාමේ ක්‍රියාවලිය බාදාවකින් තොරව සිදුවේදැයි සැකහැර ගතයුතුය. නැතහොත් එයද ඔබට අමතර පිරිවැයක් දැරීමට සිදුවන කාරණයක් වනු ඇත.

පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් නොමැති නම් භූමියෙහි ජල මට්ටම මධ්‍යම ගැඹුරකින් පැවතීමත් ජලයෙහි පරිභෝජන යෝග්‍යතාවත් ඉතා වැදගත් සාධක වනු ඇත. ගැඹුරු ලිංකට්ටලයක් යනු ජීවිත කාලයටම ඔබේ විදුලිබිල වැඩිකරන ඇටවුමකි. මෙහිදී ලිදත් වැසිකිලි වලත් අතර අඩි 50ක අවම දුරක්ද පවත්වාගත යුතු වෙනවා.

මේ වෙනකොටත් ඉඩමක් මිලදීගෙන ඉවරද?

කෙසේ වුවද මේ වනවිට ඔබ සතුව ඉඩමක් පවතීනම් එහි පසෙහි තත්වය පිලිබදව කණගාටු වියයුතුනොවේ. මක්නිසාදයත් පවතින ඕනෑම බිමක නිවාස ඉදිකිරීමක් සිදුකල හැකි නූතන ඉංජිනේරු ශිල්ප ක්‍රම බොහොමයක් පවතින බැවිනි. මෙහිදී දුර්වල පස වැඩිදියුණු කිරීම හෝ විකල්ප අත්තිවාරම් ක්‍රමයක් උපයෝගී කරගැනීම හෝ මෙම පියවරයන් දෙකම හෝ උපයෝගී කරගනු ඇත. නමුදු එවන් අවස්ථාවකදී පලපුරුදු ඉංජිනේරු වරයකුගේ සහය අනිවාර්යයෙන් ලබාගතයුතු බවද වැඩිදුරටත් සදහන් කලයුතුවේ.

Originally written by Wiraj Rathnappriya

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.