මුලින්ම ලිස්ට් එක
මුලින්ම කරන්න ඕනි කොලයක් පෑනක් අරන් List එක හදන එක
අලුත් තැනට මොනාද අරන් යන්නේ
ඊලගට තීරණය කරන්න ඕනි පරණ තැන තියන සේරම දෙවල් අලුත් තැනට අරන් යනවද කියලා.එහෙම අරන් යන්නේ නැත්නම් අත්‍යාවශය දේවල් ටික වෙන් කරගෙන අනිත් එවා අලෙවි කරන්න එහෙමත් නැත්නම් නැති බැරි කෙනෙක්ට දෙන්න.
කොහොමද පැක් කරගන්නේ?
පැක් කරගන්න අවශ්‍ය වෙන දේවල් මොනාද?
කාඩ්බොර්ඩ් පෙට්ටි (2×1.5x1feet) ටේප්ස්, කතුරක්, මාකර් පෙන් එකක්
ලේබල් කරන්න
ඇසුරුමේ දෙපැත්තක්වත් ලේබල් කරගන්න. මොනාද පෙට්ටියේ අසුරලා තියෙන්නේ සහ තැබිය යුතු ස්ථානය කොහෙද කියලා ලේබල් එකේ සදහන් කරන්න.
බිදෙනසුලු දේවල් (Fragile items)
බිදෙනසුලු දේවල් වෙනම අසුරගන්න පෙට්ටිය මත ↑↑ FRAGILE ↑↑ ලෙස ලේබල් කරගන්න. Computers, TVs, ඉලෙක්ට්‍රික් උපකරණ Original පෙට්ටියේම අසුරගන්න
පොත්
පොත් අසුරන විට කුඩා පෙට්ටිවල (1.5x1x1feet) අසුරාගන්න.ඔයා හිතන් ඉන්නවට වඩා පොත් ගොඩක් බරයි.
ෆ්‍රිජ් එක
ගෙයක් මාරු කරනකොට ගොඩක්ම සැලකිල්ලක් දැක්විය යුතු ගෘහ උපකරණය තමයි ෆ්‍රිජ් එක කියලා කියන්නේ.අසුරගන්න පැය 3කටවත් කලින් ෆ්‍රිජ් එකේ ප්ල්ග් එක ගලවන්න.ෆ්‍රිජ් එක ඇතුලේ තියන දේවල් වෙන වෙනම පැක් කරගන්න.ෆ්‍රිජ් එක කෙලින් අතට තමයි අරන් යන්න ඕනි හරස් අතට අරන් ගියොත් කොම්ප්‍රේෂර් එකේ තියන තෙල් කූලින් ලයින් එකට වැටෙන්න පුලුවන්.අලුත් තැනින් ෆ්‍රිජ් එක තිබ්බට පස්සේ පැය 6ක් යනකන් ප්ල්ග් කරන්න එපා.
විශේෂ අවධානයක් දිය යුතු භාණ්ඩ
සංගීත උපකරණ, Grandfather ඔරලෝසු, විසිතුරු ක්‍රිස්ටල් භාණ්ඩ, රූපරාමු.
අන්තිමට පැක් කරගන්න ඕනි මොනාද
පිරිසිදු කරගන්න අවශ්‍ය දේවල් ඇද ඇතිරිලි ලමයින්ගේ සෙල්ලම් බඩු කෑම බීම ආදිය අන්තිම වෙනකන් පැත්තකින් තියලා තියන්න.
හොදින් මතක තබාගන්න තෙල් වර්ග භූමිතෙල් පෙට්‍රල් තිනර් ආදීය ඇසුරුම් කරගන්න එපා.
කවුද පැක් කරන්නේ?
වැදගත්ම කාරණාව මේක. ඉහතින් සදහන් කරපු කරුණු කාරණත් එක්ක ඔයා තීරණය කරන්න ඔයාගේ අතින්ම පැක් වෙන්න ඕනි මොනාද කියලා එහෙම නැත්නම් සම්පූර්ණ වගකීම Mover කෙනෙක්ට බාර දෙන්නත් පුලුවන්.අසුරගන්න ඕනී පෙට්ටි, බඩු අරන් යන්න ලොරි, බඩු අසුරන්නම පුහුණු කරපු ලේබර්ස්ලා මේ හැම දෙයක්ම Mover අරන් එනවා.විශ්වාසවන්ත කෙනෙක්ට වැඩේ බාර දුන්නොත් ඔයාට තියෙන්නේ පරණ ගෙදරින් අලුත් ගෙදරට යන්න විතරයි.පරණ ගෙදරින් බඩු පිලිවෙලට අසුරන වැඩේ ඉදන් අලුත් තැනට ගිහින් බඩු ටික පිලිවෙලට අසුරනකන් වැඩටික සේරම Mover කරනවා.