Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

ඔයාගේ නිවස ඉඩ අඩුයි වගේද? එහෙනම් බලන්නකෝ ඉඩ අඩු නිවස ලස්සන කරගන්න විදිහ

Posted on by Nish De Silva

ගොඩක් ගෙදර ලස්සන ගැන හිතන්නේ Wife ලානේ.ඔයා ඉතින් ගොඩක් Shopping කරන කට්ටිය නිසා ලස්සන දෙයක් දැක්කාම කිය ගියත් අරන් එනවානේ.අරන් ඇවිත් අයියෝ මේ ගෙදර ඉඩ නැනේ කියලා husband කරදර කරනවානේ. අපි අද කියන්න යන්නේ ඔයාගේ ගෙදර ලස්සනට තියා ගන්න තියන ඉඩ වලින් හරියටම වැඩ ගන්න Tip ටිකක් කියලා දෙන්න. දෙන්නම එකතු වෙලා කරලා බලන්නකෝ.

ගැලපෙන Theme එකක් හිතන්න
ඔයාට තියේන්නේ කුඩා නිවසක් ඉඩ වැඩි වන ආකාරයට සකස් කිරීමේදී තෝරාගන්නා Theme ගැන මනාව සැලකිලිමත් විය යුතු වෙනවා.එහිදී කලබලකාරී නොවන Theme තෝරා ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතු වෙනවා. ඉඩකඩ අඩු නිවසක Theme එක Select කරනවිට පරණ මෝස්‌තර,කැටයම් වලින් යුත් ගෘහ භාණ්ඩ Select කිරිම නොකල යුතුයි.තද වර්ණ නොමැතිව සුදු වර්ණ සහ ලා වර්ණ තෝරා ගත හැකි අතර සුදු පැහැයෙන් වර්ණ ගැන්වූ බිත්ති සේම ගෘහ භාණ්ඩ වඩාත් ගැලපෙනවා.

Open plan ක්‍රමය
මේ ක්‍රමය ඔයාට ගොඩක් ගැලපේනවා.ඔයාගේ ගෙදරට modern look එකක් එනවා. මේ ක්‍රමයේදී සිදු වන්නේ විසිත්ත කාමරය,කෑම කාමරය,පැන්ට්‍රිය වෙන වෙනම නොව විසිත්ත කාමරයේ එක් පසෙකින් කෑම කාමරය පැන්ට්‍රිය පෙනෙන ආකාරයට සකස් කිරීම වනවා.පැන්ට්‍රි කබඩ් යොදන්නේ නම් සිරස් අතට පැන්ට්‍රි කබඩ් යෙදීම මඟින් නිවස උස් බවක් පෙන්වනවා.විසිත්ත කාමරයේ ඇති ලීබඩු කාර්යයන් කීපයකට ගැලපෙන ලෙසද සකස් කරගත හැකියි.බෙඩ් සෝෆා එකක් මිලදී ගැනීමෙන් එය අමුත්තකු පැමිණි විට ඇඳක් ලෙස භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.කුෂන් වලට ,සෝෆාවට ඉරි මෝස්‌තර යෙදීමෙන් ඉඩ වැඩි කර පෙන්විය හැකි වනවා.කොෆී ටේබල් එක අවශ්‍ය අවස්ථාවලදී පරිගණක මේසයක් ලෙස භාවිතා කළ හැකියි.විසිත්ත කාමරයට කණ්නාඩියක් සවි කිරීම මඟින් එය විශාල කර දැක්විය හැකි වනවා.ඒ වගේම විනිවිධ පෙනෙන වීදුරු භාණ්ඩ භාවිතා කිරීමද වඩාත් සුදුසුයි.උදාහරණ ලෙස කෑම මේසයට වීදුරු මතු පිටක් යොදා ගත හැකියි.ඒ වගේම වීදුරු වලින් නිමවූ ගෘහ අලංකරණ භාවිතා කිරීමද සුදුසුයි.

ගෘහ භාණ්ඩ අඩුවෙන් භාවිතා කරන්න
ඔයාට පුලුවන් ටිකක් අඩුවෙන් ගෘහ භාණ්ඩ තියගන්න එ කියන්නේ අවශම එවා විතරක් මොකද දැක්ක පලියටම ගන්නේ නැතුව ලස්සන් ප්‍රයෝජනවත් එවා විතරක් ගන්න. නිදන කාමරය ඇතුළුව මුළු නිවසටම සුදු පැහැති ගෘහ භාණ්ඩ භාවිතා කිරීමෙන් වැඩි ඉඩක් පෙන්විය හැකි වනවා.මෙහි තබන ඇඳන් කකුල් නොපෙනෙන ආකාරයට තැබීම සුදුසුයි.

තිර රෙදි වලින් වෙනසක් කරන්න පුලුවන් ද?
මොකද කරන්න බැරි පුලුවන් කරන්න ටිකක් හිතලා බැලුවොත් පුලුවන්.හරි ඔයාට දැන් හිතන්න දෙයක් නැ අපි කියලා දෙන්නයි යන්නේ. හරස් අතට ඉරි සහිත මුද්‍රිත රෙදි වලින් තිර රෙදි යෙදීමෙන් නිවසේ වැඩි ඉඩක් පෙන්වනවා. තව දෙයක් ලා පැහැති රෙදි වලින් යෙදීමට නිතරම වග බලා ගන්න.

ආලෝකය ඉඩ වැඩි කරයිද?
හිතන්න දෙයක් නේද?අනිවාර්යයේන්ම පුලුවන්. මෙහෙමයිවිදුලි ආලෝකය මෙන්ම හිරු එලිය ක්‍රමානුකුලව වැටීමට සැලැස්වීම මඟින් ඉඩ වැඩිකර පෙන්වන්න පුළුවන්. ටිකක් උසකින් විදුලි පහන් සවි කරන්න. සෙවණැලි වැටීම අවම කරගන්න .එයින් අඳුරු ස්ථාන අඩු කර ගත හැකිවීම මඟින් ඉඩ වැඩි කර පෙන්විය හැකියි.විදුලි පහන් සඳහා කැටයම් මෝස්‌තර යොදා නොගන්න. ගොඩක් ලොකු පින්තාරු කිරීම් හෝ Photos ද සුදුසු වන්නේ නැහැ.අනවශ්‍ය ලෙස ගෘහ භාණ්ඩ පුරවා ගැනීමෙන්ද එහි සෙවනැලි සහ වර්ණ මඟින් නිවසේ ඉඩකඩ ඇහිරෙනවා.

මේ විදිහට කරලා බලන්නකෝ ඔයාට අනිවා ලොකු වෙනසක් වාගේම ඉඩකඩ හොදට තියනවා කියලා පේනේවි.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.