අපි දන්නවා ඔයාගේ ගෙදර පොඩි පොඩි වැඩ වලට බාස් කෙනෙක් හොයාගන්න එක ලේසි නැ කියලා.බාස් කෙනෙක් හොයාගත්තා කියමුකෝ.එත් ඔයා හරියටම දන්නැනේ හොයාගත්තු බාස්ගේ වැඩ කොහොමද කියලා.“හැම බාස් කෙනෙක්ම “මක බාස් කෙනෙක්” නෙවෙයි වගේම හැම බාස් කෙනෙක්ම “හොද බාස් කෙනෙකුත්” නෙවෙයි ” එක හින්දා වැඩ ගැන හරි දැනුමක් තියන බාස් කෙනෙක් හොයා ගන්න එක තමයි නුවණට හුරුම දේ.අපි දැන් කියන්න යන්නේ මොනවගේ දේවල්ද බලන්න ඔනේ කියලා.
පලපුරුද්ද හා ගුණාත්මකබව
ගොඩාක් බාස්ලා හිටියට ගොඩක් අයට වැඩක් හොදට කරන්න බැ.මොකද පලපුරුද්ද මදි වෙන්න පුලුවන්.එ වගෙම තව වැඩ ගොඩාක් බාර අරගෙන තියේන නිසා හදිස්සියට වැඩේ බාගේට කරන්නත් පුලුවන්.එක නිසා ඔයා මුලින්ම බලන්න ඔනේ බාස් කලින් කරලා තියන වැඩ මොනවාද?එවා හොදට කරලා තියනවාද?කොච්චර කාලයක් ඉදන් වැඩ කරනවාද? තව වැඩක යෙදිලා ඉන්නවද කියලා .
ගණන් හිලව්
බාස් කෙනෙක් එක්ක කට වචනෙන් නම් ගණන් හිලව් කතා කරන්න යන්න එපා. මොකද දන්නවද වැඩේ කරන් යද්දි මුලින් කියපු ගාණට නම් දැන් අමාරුයි මහත්තයො හැම තැනම දැන් මේ ගාණ තමා කියල රුපියල් 100කින් 200කින් ගණන් වැඩි කරන එක සමහරුන්ගෙ හැටියක්. ඒ නිසා අනිවාර්යෙන් ලිඛිතව අදාල මිල ගණන් සියල්ල ලබාගන්න.
ඇඩ්වාන්ස් ගාණ
වැඩ කරන අතර තුර වැඩේට ඇඩ්වාන්ස් එහෙමත් නැත්නම් අත්තිකාරම් හැටියට සැරින් සැරේට බාස්ල අපෙන් මුදල් ඉල්ලගන්නවනෙ. මෙහෙම මුදල් දෙන කොට සාමාන්‍යයෙන් වැඩේට යන මුළු මුදල ගැන ඔයාල දැනුවත් වෙලා ඉන්න ඕනෙ මුලින්ම. මොකද මෙහෙම ගන්න අත්තිකාරම අපි නොදැනුවත්වම දැනට සම්පූර්ණ කරල තියන වැඩේට වඩා වැඩි මුදලක් වෙන්න ඉඩ තියෙනව. එහෙම උනාම එක්කො බාස් වැඩේ කර අරිනව එහෙමත් නැත්නම් අර ගත්තු වැඩි පුර මුදල නොදී හැංගෙනව.
වැඩේ කරන්න යන කාලය
ගොඩක් බාස්ලා අද වැඩ කරනවා ආයි සතියකින් ඇවිත් වැඩ කරනවා.වැඩේ කෙරෙන්නේ නැ ඔයා ඉතින් බාස්ට බැන බැන වෙන බාස්ලා හොයනවා.ඔය අත්දැකිම අනිවාර්යයේන්ම බාස්ලා ඔයාට දෙනවානේ.එක නිසා ඔයා හරියටම වැඩේට යන කාලය ගැන මුලින්ම කාතා කරගන්න ඕනේ එක ඔයාට ගොඩක් වාසියි.
තාක්ෂණික උපකරණ
ගොඩාක් බාස්ලා ගාව අවශය උපකරණ නැ.ඔයා ඉතින් දන්නේ වැඩේට ආවට පස්සේ.බාස් කියයි ඔයාට උපකරන ටික කුලියට අරන් දෙන්න කියලා.එක ඉතින් තව වියදමක්.එක නිසා ඔයාට මේ කරුණ ගැන බලන්නම වෙනවා.
අත් උදව්කරුවන්
සමහර බාස්ලා පොඩි වැඩටත් අත් උදව්කරුවේක් අරන් එනවා.ඔයා ඉතින් එතකොට බාස් කුලියයි අත් උදව්කරු කුලියයි දෙකම දෙන්න වෙනවා.ගොඩාක් පාඩුයි ඔයාට එක.
කොන්ත්‍රාත් දීම සුදුසුද?
ඔබ කාර්ය බහුල කෙනෙක් නම් ඔබ හොයන්නේ කොන්ත්‍රාත් බාස් කෙනෙක්ව. ඒ කියන්නේ බඩුත් ඔහුම ගෙනත් ගොඩනැගීමත් ඔහුම කරන කෙනෙක්. සාමාන්‍ය බාස් කෙනෙක්ට වඩා කොන්ත්‍රාත් බාස්ගේ ගණන් ටිකක් ඉහළයි. වැඩේ එහෙම බාර දෙන එක ලේසි වුනත් කොන්ත්‍රාත් බාස්ලා යොදන බඩුවල ප්‍රමිතිය ගැන සහතික වෙන්න අමාරුයි. හැබැයි හැම කොන්ත්‍රාත් බාස් කෙනෙක්ම එක වගේ නෑ කියලත් කියන්නම ඕනේ. ඔබට විශ්වාසවන්තයෙක්ට වැඩ බලන්න බාර දෙන්න පුළුවන්නම් සුදුසුම දේ ඔබම උවමනා බඩු ගෙනවිත් දෙන එක.
අවශය අමුද්‍රව්‍ය ප්‍රමාණය හා අමුද්‍රව්‍ය වල වැයවීම
මුලින්ම බලන්න කොච්චර ප්‍රමාණයක් යනවද කියලා.බාස් කිවිව පලියට බඩු ගෙනත් දෙන්න එපා.ඔයා පොඩ්ඩක් හොයාලා බලන්න. ඔබ ආප්පයක් කනවාට වඩා වේගයකින් සිමෙන්ති කොට්ටයක් වැය වෙන බව බාස් පවසනවානම් ඔන්න ඔබට රතු එළියක්. බාස් ලවා බඩු ගෙන්වනවානම් ඔබම ගිහින් හාඩ්වෙයාර් එකකින් ගණන් කතා කරගෙන බාස්ව එතනට හඳුන්වා දෙන්න. නැත්නම් බාස්ල කොමිස් මුදලකුත් තියාගෙනයි බඩු ගේන්නෙ.ඒ ඒ දේවල් වලටම විශේෂ වූ තැන්වලින් බඩු ගන්න. උදාහරණයක් කිව්වොත් විදුලි කාර්මික බඩු ඒවම විකුණන තැනකින් ගන්න එක හාඩ්වෙයාර් එකකින් ගන්නවට වඩා ලාභයි. බඩු ගේන කොට ඊළඟ දවසටත් අවශ්‍ය දේවල් තියෙනවනම් එක පාර ඒවත් ගන්න. නැත්නම් ප්‍රවාහන වියදම් ඩබල්.
ඔයා දැන් කල්පනා කරන්නේ කොහොමද කිවුව දේවල් එක්ක හොද බාස් කෙනෙක් හොයා ගන්නේ කියලා නේද?එක ගැන හිතන්න එපා අපි ඔයාට මේ ප්‍රශ්න වලට හොදම විසදුම දෙන්නම්.ඔයා දැන් දන්නවනේ Work Force.lk එක ගැන අපිට පුලුවන් ඔයාට හොදම බාස් කෙනෙක් එවන්න. Work force එකේ ලියාපදිංච් වෙලා ඉන්න ශ්‍රමිකයන් ඉතාමත් ඉහල පලපුරුද්ද හා ගුණාත්මකභාවයේන් වැඩ කරන පිරිසක් අපි සහතික වෙනවා එ ගැන. ඔයාට කිසිම විදිහකින් අපහසුතාවයක් ඇති වෙන්නේ නැ. ඔයාට පුලුවන් අපේ වෙබ් අඩවියට ගිහින් අපේ සේවාදායකයින්ගේ අදහස් බලන්න.අපි ඔයාට දෙන ශ්‍රමිකයන් ගුණාත්මකභාවය ගැන අපි වගකිම බාර ගන්නවා.
දැන්ම කතා කරන්න හොද කෙනෙක් ගෙන්වාගන්න 0702 702 700