ඔයාගේ ගෙදර දොරේ විවිධ කාර්යයන් සඳහා විවිධ භාණ්‌ඩ සහ උපකරණ භාවිත කරනවානේ. මේ භාණ්‌ඩවල කල්පැවැත්ම, පෙනුම එක දිගට ම එකම මට්ටමින් තියාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒවා නිසියාකාරව නඩත්තු කළේ නැත්නම් ඉතාම ඉක්මණින් අව පැහැයට ලක්වෙනවා. අපිරිසිදු තත්වයට පත් වෙනවා. එක් එක් උපකරණ clean කරන ක්‍රම එකින් එකට වෙනස්.හරි ඔයා දැන් එක ගැන වැඩිය හිතන්න ඕනේනැ දැන් workforce අපි හැමදාම වගේ අදත් කියන්න හදන්නේ ඔයාට Simple Tip ටිකක්.
ඇළුමිනියම් බඳුන්
තෙල් සහිත නම් උණු වතුර භාවිත කළ හැකියි.
මෙම බඳුන් දුර්වර්ණ වී ඇත්නම් අර්තාපල් ලෙලි හෝ තක්‌කාලි ලෙලි සමඟ වතුර දමා තම්බාගන්න. ඇතිල්ලීමේදී කොහු බුරුසුවක් භාවිත කළ හැකියි.
වීදුරු භාණ්‌ඩ
පැල්ලම් ඇති විට හබරල පිතිවලින් මැදගන්න.
රටහුණු කුඩු අතුල්ලා මැදීමෙන් ද පැල්ලම් ඉවත් වේ.
විනාකිරි මිශ්‍ර ජලයෙන් අතුල්ලා සෝදා ගන්න.
පිත්තල භාණ්‌ඩ
1.සිහින්ව කුඩු කර හලාගත් ගඩොල් කුඩු,
2.දෙහි හෝ බිලිං
ප්ලාස්‌ටික් භාණ්‌ඩ
සබන් මිශ්‍ර උණු දියේ සෝදන්න.
තෙල් සහිත නම් උණු වතුර භාවිත කරන්න.
ආහාර රොස් වූ මැටි භාජන පිරිසිදු කිරීමට, දෙහි ලෙලි දමා තම්බාගෙන පසුව සෝදන්න.
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයා සිහින්ව කුඩු කර හලාගත් ගඩොල් කුඩු, දෙහි /බිලිං මිශ්‍රනය රෙදි කැල්ලට හෝ sponge එකකින් මදින්න.
ලී භාණ්‌ඩ
එළවළු කපන ලෑලි, මේස දරණු, හැඳි වැනි ලී උපකරණ දිනපතා සබන් මිශ්‍ර වතුරින් අතුල්ලා සෝදන්න. වඩාත් අපිරිසිදු හෝ පැල්ලම් ගැසී ඇත්නම් Baking Soda දමා කොහු බුරුසුවකින් අතුල්ලා සෝදන්න. විනාකිරිවලින් පොඟවාගත් රෙදි කැබැල්ලකින් ඇතිල්ලීමෙන් ද පැල්ලම් ඉවත් කර ගත හැකියි.
ෆයිරෙක්‌ස්
ජලයේ පෙඟෙන්න හැර, Baking Soda දමා රෙදි කැබැල්ලකින් අතුල්ලා කිහිපවරක් සෝදන්න.
රිදී භාණ්‌ඩ
සබන් දමා රෙදි කඩකින් අතුල්ලා උණු වතුරෙන් සෝදාගන්න. පැල්ලම් ගැසී ඇත්නම් හුණු ස්‌වල්පයක් අතුල්ලා සෝදන්න.
වෙළඳ පොළේ ඇති ඔප දැමීමට යොදාගන්නා දියර වර්ගයක් මේ සඳහා යොදාගන්න.