වයර් එකක් මිලදී ගන්න ගියාම මොන Size එකෙන්ද ගන්න ඕනි? එතකොට වයර් එකේ පාට ගැන සැලකිලිමත් වෙන්න ඕනිද?
100 – 200 මිලි ඇම්පියර් වල වෙනස මොකක්ද? මේවා පුංචි පුංචි කාරණා උනාට සමහර අවස්තා වල ගෙදරම ගිනිගන්න උනත් පුලුවන්.
වයර් එකක් තෝරගනිද්දි සැලකිලිමත් වියයුතු ප්‍රධාන කාරණා 3ක් තියනවා.
Gauge/Amperage and wattage Load
කොහොමද ලේබල් එකෙන් අදුරගන්නේ?
ලේබල් එකේ තොරතුරු ගොඩක් සදහන් වෙනවා.වයර් වර්ගය, Gauge එක, වයර් ගණන වගේ තව ගොඩක් දේවල්
වර්ගය :
බොහොවිට මේක සදහන් වෙන්නේ NM-B ලෙස.වයර් භාවිතා කරන තැන් 2ක් තියනවා. එකක් ගෘහස්ත අනික එලිමහන්.එලිමහනට භාවිතා කරන වයර් තාපයට හා මලකඩ කෑමට ඔරොත්තු දිය යුතුයි.ඒ වගේම වයර් වර්ග දෙකක් තියනවා.කොපර් වයර් සහ ඇලුමිනියම් මේවාගේත් වෙනස්කම් පවතිනවා.ඇලුමිනියම් වයර් භාවිතය අන්තරාකාරී ඒකට හේතුව ඉක්මනින් රත් වෙනවා.විදුලි ගින්නක් පවා ඇතිවෙන්න පුලුවන්.
Gauge:
තනි වයර් එකක ප්‍රමාණය උදා 14, 12, 10
වයර් ගණන:
මේක Gauge එකත් එක්කම තමයි සදහන් වෙන්නේ උදා 14/2 කියලා සදහන් උනොත් 14 Gauge එකෙන් වයර් 2ක් තියනවා
“GROUND” හෝ ‘G’ කියලා සදහන් උනොත් එකෙන් අදහස් වෙන්නේ භූගත කරන වයර්
වෝල්ටීයතා අගය:
වෝල්ටීයතා අගයෙන් පෙන්වන්නේ වයර් එකට ආරක්ශිතව අරන් යන්න පුලුවන් උපරිම වෝල්ටීයතාවය කියද කියලා. ගෘහස්ත භාවිතය සඳහා වඩාත්ම පොදු වර්ගීකරණය වෝල්ට් 600. මේක වෙනස් වෙන්න පුලුවන්.
UL:කේබල් ආරක්ෂිත සහතිකය
මිලදී ගන්න යන වයර් එකට තත්ව සහතිකයක් තියද කියලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනී
වයර් පාට:
වයර් වලට පාටක් තියනකොට ලස්සනයි නේද? එත් වයර් වලට පාටක් යොදලා තියෙන්නේ ලස්සනට නෙමයි කොහෙටද භාවිතා කරන්න සුදුසු කියලා හදුනාගන්න ලේසි වෙන්න.කොල පාට වයර් හැමවෙලේම පොලව යටට තමයි භාවිතා කරන්නේ.
සුදුසුම වයර් වර්ගය තෝරගන්න ඔයාට තේරෙන්නේ නැතනම්, සුදුසුකම් සහිත පලපුරුදු ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් ලවා තෝරගන්න.