කොට්ටේ උරේ කොච්චර කාලෙකින් මාරු කල යුතුද? ඔයා කොට්ට උරය මාරු කරන්නේ මාසෙකට සැරයක්ද? නැත්නම් අලුත් අවුරුද්දටද?
මොනාද මේ තරමටම කොට්ට උරය අපිරිසිදු වීමට හේතු?
- කොන්ඩේ කියන්නේ ශරීරයේ වෙනත් ස්ථාන වලට වඩා කුණු දූවිලි රැදී පවතින ස්ථානයක් ඒ නිසාම ගොඩක් අපිරිසිදුයි. අපි නිදාගෙන නැගිටිනකොට මැරුණු සෛල විශාල ප්‍රමාණයක් කොට්ට උරය මතට එකතු වෙනවා.ඒ හේතුවෙන් දීලීර බැක්ටීරියා මයිටාවන් හැදෙනවා. මේ අපිරිසිදු තත්වය සමට සහ සෞඛ්යයට අහිතරකර වෙන්න පුලුවන්.
- රූපලාවන්‍ය ගැන හිතනවා නම්, කාන්තාවන් විශේෂයෙන්ම මුහුන ගැන නිතරම හිතනවා. පිරිසිදුවට Fresh විදියට තියාගන්න ගොඩක් කැමතියි. රෑට නිදාගන්න යන්නෙත් මූනේ මොයිස්චරයිසින් ක්‍රිම් වර්ගයක් ගාගෙන.එත් පැය 8ක් යනකන් මූණ තියාගෙන ඉන්නේ අපිරිසිදු කොට්ටෙක නම් රෑපලාවනය්‍ය වියදම් කරපු සේරම මුදල් අපරාදේ ?
- බ්ලැක් හේඩ්ස් කියන්නේ කාන්තා පිරිමි බේදයක් නැතුව මුහුනේ හටගන්න දෙයක්. බ්ලැක් හේඩ්ස් වලට හේතුවෙන ප්‍රධානම සාධකයක් වෙන්නේ අපිරිසිදු කොට්ට උරයක් කියලා නිකමටවත් හිතුවද?
සමීක්ෂන වාර්තාවලට අනුව 42% පුද්ගලයින් සතියකට සැරයක් කොට්ට උරය මාරු කරනවා. 36% සති දෙකකට සැරයක්. 15% මාසෙකට සැරයක්. හැබැයි ගොඩක් අය දවසක් ඇර දවසක් නම් කොට්ට උරය මාරු කරන්නේ නෑ.
අඩුම ගානේ සතියකට සැරයක්වත් කොට්ට උරය මාරු කරන්න ඕනි.එහෙම කලොත් නිදාගන්න ප්‍රදේශය පිරිසිදුව බැක්ටීරියාවලින් තොරව Fresh විදියට තියාගන්න පුලුවන්. පිරිසිදු කීරීම පිලිබද විශේෂඥයෝ කියන විදියට දවසක් ඇර දවසක් කොට්ට උරය මාරු කරගත යුතුයි
ඔයා සතියකට කී පාරක් කොට්ට උරය මාරු කරනවද?