1. ශිතකරණයේ දොර නිසි පරිදි වායුව පිටනොවන ලෙස වසා තබන්න.
2. ශිතකරණය අරින සහ වසන වාර ගණන හැකි තරම් අඩු කරන්න. බාහිර පරිසරයේ ඇති උණුසුම් වාතය ශිතකරණයතුළට ඇතුළු වීමෙන් ශිතකරණයේ විදුලි පරිභෝජනය වැඩිවේ.
3. ශිතකරණයේ පිටුපස කොටස සෘජු සුර්යාලෝකයේ හෝ උණුසුම් පරිසරයකින් බාහිරව ශිතකරණය තබාගන්න.
4. ශිතකරණය පිටුපස කොටසට හොඳ වාතාශ්රයක් ලබා දීම සඳහා ශිතකරණය හා බිත්තිය අතර අඟල් 10 ක් වත් පරතරය තබාගන්න.
5. ශිතකරණය තුළ උණූසුම් ආහාර තැබිමෙන් වළකින්න. උණුසුම් ආහාර කාමර උෂ්ණත්වයට පැමිණී පසු ශිතකරණයට දමන්න.
6. අධිශිතකරණ කුටිය තුළ ද්රව්යයන් නැති විට සිසිල්විම අඩුම මට්ටමට සීරුමාරු කරන්න. අධිශිත කිරිමට අවශ්ය දේවල් තිබෙන විට උෂ්ණත්ව පාලකය 40% මට්ටමට සීරුමාරු කරන්න.
7. පිසීමට අවශ්ය අධිශිතකරණ කුටිය තුළ ඇති ආහාර පැය 10-12 කට පමණ පෙර ඉන් ඉවතට ලෙන සාමාන්ය ශිතකරණ කුටියේ තබන්න. එවිට වැයවන විදුලිය අඩු වේ.
8. එළවළු, පළතුරු ආදි ආහාර පොලිතින්වල ඔතා ශිතකරණයේ අසුරන්න. දියර වර්ග වසන ලද බඳුන්වල තබන්න. එවිට ආහාර වලින් තෙතමනය මුදාහැරීම සිමාවන බැවින් විදුලි පරිභෝජනය අඩු වේ.
9. අවශ්යම දේ පමණක් පිළිපෙලට ශිතකරණයේ අසුරන්න.
10. නිවසේ අවශ්යතාවයට ගැළපෙන ප්රමාණයේ ශිතකරණයක් මිලදි ගන්න.
