අපි භාවිතා කරන උපකරණ බලගැන්විම , ආලෝකය සැපයිම, සීතල/ උණුසුම සැපයිම මෙකී නොකී හැම දෙකටම විදුලිය අවශ්‍ය වෙනවා.ඒත් නිවැරදි ආකාරයට විදුලිය භාවිතා නොකලොත් අපිට අනතුරු සිදු වෙන්න පුලුවන්
අනතුරු අවමකරගෙන විදුලිය නිසි ආකාරයෙන් භාවිතා කරන්න නම් පහත උපදෙස් පිලිපදින්න
- නිතරම බලන්න ඕනි ගෙදර අබලන් වුන හෝ හානි වුන ප්ලග්, ස්විච් හෝ වයර් තියද කියලා. එහෙම තියනවා නම් අලුත් ඒවා දාගන්න
- මාස 3 කට සැරයක් ටිප් ස්විච් එක හරියට වැඩ කරනවද බලන්න.නියම ආකාරයෙන් වැඩ කරන්නේ නැත්නම් ටිප් ස්විච් එක මාරු කරගන්න.
- අත් දෙකේ වතුර පිටින් විදුලියට සම්බන්ධ කරලා තියන උපකරණ අල්ලන්න එපා
- එක ප්ලග් පොයින්ට් එකකට ගොඩක් උපකරණ සම්බන්ධ කරන්න එපා. දිගු කාලයක් ප්ලග් පොයින්ට් එක භාවිතා කරන්නේ නැත්නම් බිත්තියෙන් ගලවල තියන්න.
- තාපය ජනනය වෙන පරිගණක මොනිටරය TV මොනිටරය වැනි උපකරණ වල වායු සංසරණයට ඉඩ තියද කියලා බලන්න. අඩුම තරමේ අගලකවත් ඉඩක් තියේ නම් හොදයි
- මොකක් හරි හේතුවක් මත බිත්තිය සිදුරු කරන්න සිද්ධ උනොත් ඊට කලින් බලන්න ඉලෙක්ට්‍රික් වයර් ඒ අවට තියනවද කියල
- අලුතින් බල්බ් එකක් දාන්න යනවා නම් ඉස්සෙල්ලම ස්විච් එක Off කරලද කියලා බලන්න.ස්විච් එක දාලා තියෙද්දි බල්බ් මාරු කරන එක අනාරක්ෂිතයි.අත තෙත සහිතයි නම් එත් බල්බ් මාරු කරන්න යන්න එපා.
- නානකාමරයේදී ඉලේක්ට්‍රික් උපකරණ භාවිතා කරන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. එහෙම නොකරම බැරි නම් භාවිතා කරන්නේ නැති හැම වෙලාවකම ප්ලග් එකෙන් ගලවලා තියන්න.
- විදුලි උපකරණයක් විසන්ධි කරනකොට වයර් එකෙන් අදින්න එපා. ප්ලග් එක ගාවින් අල්ලලා විසන්ධි කරන්න
- රෙදි සෝදන යන්ත්‍රය භාවිතා කරනකොට රබර් සෙරෙප්පු දෙකක් පලදින්න. යම් හෙයකින් විදුලි කාන්දු වීමක් උනොත් ඔයාට ඒකෙන් ආරක්ශා වෙන්න පුලුවන්
- Extention Cordes (දිගු රැහැන්) භාවිතා කරනවා නම් එවා බිම පෑගෙන්න දාන්න එපා.එලිමහන් භාවිතයට සුදුසු වෙන්නේ කාලගුණයට ඔරොත්තු දෙන Extention Cordes. හොදට මතක තියාගන්න ඕනි දෙයක් තමයි Extention Cordes භාවිතා කරන්නේ තාවකාලික විසදුමක් විදියට විතරයි දිගු කාලීනව භාවිතා කීරීම අනතුරුදායකයි
- ඉනිමගක් ආධාරයෙන් ඔයා වහලෙට නගිනවා නම් පවර් ලයින් එක ගැන අවදානෙන් ඉන්න.අනතුරක් වෙන එක අවම කරගන්න පුලුවන්.
මෙන්න මේ ටිකත් හොදට මතක තියාගන්න
- ඔයා වෘත්තියමය වශයෙන් විදුලි කාර්මිකයෙකු කෙනෙක් නෙමෙයි නම් ගෙදරදි ඉලෙක්ට්‍රික් වැඩ කරන්න උත්සහ කරන්න එපා.ඒක නීති විරෝධී වගේම විදුලිසැර වැදීම හෝ ගිනි ගැනීම් සිද්ද වෙන්න පුලුවන්.
- වෘත්තියමය විදුලි කාර්මික ශිල්පියෙකු ලවා ඔයාගේ ගෙදර පරික්ෂා කරගන්න. අනතුරු දායක දෙයක් තියනවා නම් අදුරගන්න පුලුවන් .