1 .ටයිල් වල පාට
ඔයාගේ ගෙදර බිත්තියේ ගාලා තියන පාට, ගෘහ භාණ්ඩ වල පාට ගැනත් හිතලා තමයි ටයිල් වල වල පාට තෝරගන්න ඕනි.
- ඔයාගේ කාමරය ගොඩක් පොඩි වගේම අදුරු ස්වභාවයක් ගන්නවා නම් ලා පාට ටයිල් වර්ගයක් තෝරගත්තොත් කාමරය ගොඩක් ලොකුවට පේනවා වගේම කාමරේ අදුරු බව නැති කරගන්නත් පුලුවන්.
- Shades තියන ටයිල් වර්ගයක් නම් හුගක් හොදට හැම දේකටම Match කරගන්න පුලුවන්
- අදුරු පැහැ ටයිල් වලින් උණුසුමක් ඇතිකරගන්න පුලුවන් වගේම කුණු ගෑවුනාම පේන්නේත් නෑ
- Neutral ටයිල් වර්ගයක් තෝරගත්තොත් ගෙදර තියන අනිත් උපාංග එක්ක ලේසියෙන් Match කරගන්න පුලුවන්.
මතක තියාගන්න ඕනි දෙයක් තමයි ඔයා තෝරගන්න වර්ණය ගොඩක් කල් ඔයාගේ ගෙදර බිම තියන නිසා ගැලපෙන, හොදම වර්ණයක් තෝරගන්න.
2. ටයිල් වල Pattern එක
ඔයාගේ බිත්තිය Plain නම් බිමට Pattern එකක් තියන ටයිල් භාවිතා කලොත් ගොඩක් ලස්සන වෙයි.Pattern එකක් තියන ටයිල් ටිකක් මිලෙන් අධිකයි. ඒ නිසා ඔයා Pattern එකක් තෝරගන්න කොට ගැලපෙනම එකක් තෝරගන්න ඕනි.
3. ටයිල් Size එක
භාවිතා කරන ටයිල් Size එකෙන් සම්පූර්ණ පෙනුමටම බලපෑමක් ඇති කරන්න පුලුවන්.පොඩි Kitchen එකකට ලොකු Pattern තියන ලොකු ටයිල් භාවිතා කලොත් Pattern එක නැති වෙලා යන්න පුලුවන්.එත් Size එකෙන් ලොකු, Pattern එකක් නැති ටයිල් භාවිතා කලොත් Kitchen එක පොඩි උනත් ලොකුවට පේනවා.
4. කොහෙටද Tile අල්ලන්න යන්නේ සහ කොච්චර වාර ගානක් භාවිතා කරනවද?
Kitchen එක කියන්නේ ගොඩක් වෙලාවට වතුර හැලෙන තැනක් එතනට ඔයා ලිස්සන සුලු ටයිල් එකක් භාවිතා කලොත් නොගැලපෙනවා වගේම අනතුරු දායකයි.නාන කාමරය Kitchen එක කියන්නේ වැඩි වාර ගානක් භාවිතා වෙන තැන්. ඒ නිසා ගොඩක් ඉක්මනට අපිරිසිදු වෙන්න බලනවා.ඒ වගේ තැනකට කොච්චර ලස්සන උනත් සමහර ටයිල් වර්ග භාවිතා කරන්න බෑ එතකොට නඩත්තු කරගන්න හරිම ආමාරුයි.
5. ඔයාගේ Budget එක
කොහොම උනත් ගන්න යන ටයිල් වර්ගය ඔයාගේ Budget එකට Match වෙන්න ඕනිනේ.ටයිල් වර්ග අනුව තමයි ඒවට යන මිල තීරණය වෙන්නේ.ස්වාභාවික ගල් වර්ගයි, වීදුරු ටයිලුයි නම් ටිකක් මිල අධිකයි.ඒ හැර අනිත් ටයිල් වර්ග සාමාන්‍ය මිලකට ඔයාට වෙලද පොලෙන් ගන්න පුලුවන්
වෙලද පොලේ තියන ටයිල් වර්ග කීපයක්
- ස්වාභාවික ගල් වර්ග
ස්වාභාවික ගල් භාවිතා කරනවා කියන්නේ ඉතින් ස්වාභාවිකවම ගොඩක් ලස්සනයි. ගල් දෙකක් එකම වගේ වෙන්නේ නැති නිසා හැම ගලකම පුංචි හරි ස්වභාවික, වෙනස් ලස්සනක් තියනවා.කල් පැවැත්ම වැඩි.නඩත්තු කිරීම නම් ටිකක් අමාරුයි. Kitchen එකට මේ ගල් භාවිතා කරනවා නම් සුමට වර්ගයක් තමයි සුදුසු. තෙතමනය සහිත නානකාමර වගේ තැනකට සුමට නැති ගල් වර්ගයක් තමයි හොද. - සෙරමික් ටයිල්
තෙතමනය සහිත ස්ථාන වලට මේ ටයිල් වර්ගය සුදුසුයි.ඒ කියන්නේ නාන කාමරයට Kitchen එකට වගේ හොදයි.ලේසියෙන් පිරිසිදු කරගන්න පුලුවන්.මිලත් සාධාරණයි.අතුරා ගැනීම පහසු නිසා ටයිල් බාස්ලා මේ වර්ගයට ගොඩක් කැමතියි - වීදුරු ටයිල්
මේ ටයිල් ගොඩක් ජනප්‍රිය වර්ගයක්. ඒකට හේතුව තමයි ඒවා ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන් සහ ලේසියෙන් පිරිසිදු කරගන්න පුලුවන්. මේ ටයිල් වර්ගය ගොඩක් භාවිතා කරන්නේ නාන කාමර වලට සහ Kitchen එකට. - පෝසිලේන් ටයිල්
ඉතා අලංකාර, ඝන මැටි වලින් තමයි මේ ටයිල් වර්ගය හදන්නේ.වඩා තියුණු වන අතර, වෙනත් වර්ගවලට වඩා සීරීම් සහ පැල්ලම් වලට ඔරොත්තු දෙනවා. කල් පැවැත්ම හුගක් වැඩි.නඩත්තු කිරීම හරිම පහසුයි.ලේසියෙන් පිරිසිදු කරගන්න පුලුවන් විවිධ මෝස්තර වලින් ලබාගන්නත් පුලුවන්.
හොදම සහ සුදුසුම ටයිල් වර්ගයක් කොහොමද තෝරගන්නේ කියලා ඔයා දැන් දැනගත්තනේ. හැබැයි ඔයා කොච්චර හොදට ටයිල් ටිකක් තොර ගත්තත් වැඩක් නෑ, දක්ෂ පලපුරුදු ටයිල් බාස් කෙනක් ලවා ටයිල් ටික අල්ලගත්තේ නැත්නම්. හොද නිමාවක් ගන්න බැරි උනොත් ටයිල් වල ලස්සනත් නැති වෙලා යන්න පුලුවන්.