Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

වහලෙට Sheets වර්ගයක් තෝර ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනාද?

Posted on by Nish De Silva
අපි ගෙයක් හදන්නේ ටික කාලෙකට නෙමයිනේ ඒ නිසා වහලෙට දාන Sheets ගැනත් අපිට හොද අවබෝධයක් තියෙන්න ඕනි.
  • ඉස්සෙලම බලන්න ඕනි ඔයා දාන්න යන Sheets කොච්චර කාලයක් පවතිද කියලා ඔයාට ඒක ගැන හිතාගන්න බැරි නම් පලපුරුද්දක් තියන බාස් කෙනෙක් ගෙන් හරි මිලදි ගන්න යන ආයතනයෙන් හරි දැන ගන්න පුලුවන්
  • ගින්නක්, ලොකු හුලගක්, කුණාටුවක් හරි ආවොත් ඒකට sheets ඔරොත්තු දෙයිද?ඒ වගේ ස්වාභාවික ආපදාවකදි ඔරොත්තු දෙන්න පුලුවන් Sheets වර්ගයක් තොර ගන්නවා නම් ගොඩක් හොදයි
  • Roof Frame එක ඔයා දාන්න යන sheets වලට ඔරොත්තු දෙයිද? Sheets බර වැඩි නම් ටික කාලයක් යනකොට Roof Frame එක කඩා වැටෙන්නත් පුලුවන්
  • ඔයාගේ Roof Frame එක කොච්චර ආනතියකින්ද හදලා තියෙන්නේ? ඒ කියන්නේ කොච්චර බෑවුමක් සහිතයිද?
  • විශේෂයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕනි කාරණාවක් තමයි දාන්න යන Sheets කොච්චර පරිසර හිතකාමීද? ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන්ද? පරිසර හිතකාමී නෑ කියන්නේ ඒක ඔයාටත් හිතකර නෑ කියන එක
  • ඔයාගේ ගේ හදලා තියන Style එකට Match වෙනවද කියලත් බලන්න ඕනි. ඔයා Match වෙන්නේ නැති Sheets ටිකක් තෝරගත්තොත් ඔයාගේ ගේයි ලස්සන සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන්න පුලුවන්
  • ඊලගට බලන්න ඕනි ඔයා දාන්න යන Sheets නියම ප්‍රමිතීන්ට අනුකූලව නිශ්පාදනය කරලා තියන, සුදුසුයි කියලා නිර්දේශිත Sheets වර්ගයක්ද කියලා.ප්‍රමිතීන්ට අනුකූල නැති Sheets වර්ගයක් භාවිතා කලොත් අතුරු ආබාධ ගොඩක් ඇති වෙන්න පුලුවන්
  • ඊලග වැදගත්ම කාරණය තමයි කොච්චර මුදලක් වැය වෙනවද?හොදම නිශ්පාදනයක් සාධාරණ මිලකට ගන්න පුලුවන් නම් හොදයි

වෙලදපොලේ තියන Sheets වර්ග.

ලංකාවේ නම් භාවිතා කරන්නේ මේවගෙන් වර්ග කීපයක් විතරයි. කල් පැවැත්ම, පරිසර හිතකාමි බව ගැන හිතන, වෙනස් වර්ගයක Sheets ටිකක්  අලුත් ගෙදර වහලෙට දැම්මොත් හොදයි කියලා හිතෙනවා නම් ඔයාට පුලුවන් පහල තියන Sheets වර්ග වලින් අදහසක් ගන්න.

1 .Metal

වානේ, ඇලුමිනියම්, තඹ, හෝ සින්ක් මිශ්‍ර ලෝහ වලින් තමයි හදන්නේ.ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන්.තරමක් කල් පවතිනවා.අවු 30-50.ගින්නට, හුලගට හොදින් ඔරොත්තු දෙනවා.තරමක් මිල අධිකයි.

2. Plastic Polymer

අධි-තාක්ෂණික ප්ලාස්ටික් බහු අවයවික භාවිතයෙන් තමයි මේවා හදන්නේ.දිගු කාලයක් පවතිනවා.අවු 50+ නඩත්තු කිරිමේ අවශ්‍යතාවය අඩුයි. ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන් අමු ද්‍රව්‍යයකින් නම් හදලා තියෙන්නේ ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන්.ගින්නට, හුලගට හොදින් ඔරොත්තු දෙනවා.මිල සාමාන්‍යයයි.

3. Clay Tile

 

ස්වාභාවික මැටි වලින්  තමයි මේවා හදන්නේ.දිගු කාලයක් පවතිනවා.අවු 50+. නඩත්තු කිරිමේ අවශ්‍යතාවය අඩුයි. බිදී යෑමේ හැකියාවක් තියනවා.ශක්තිමත් Roof Frame එකක් ඕනි.ගින්නට, හුලගට හොදින් ඔරොත්තු දෙනවා.තරමක් මිල අධිකයි.

4. Concrete Tile

 

පෝට්ලන්ඩ් සිමෙන්ති වැලි මිශ්‍ර කරලා තමයි හදන්නේ.දිගු කාලයක් පවතිනවා.අවු 50+. නඩත්තු කිරිමේ අවශ්‍යතාවය අඩුයි. බිදී යෑමේ හැකියාවක් තියනවා.ශක්තිමත් Roof Frame එකක් ඕනි.ගින්නට, හුලගට හොදින් ඔරොත්තු දෙනවා.මිල සාමාන්‍යයයි.

5. Slate

ස්වාභාවික පතුරු පාෂාණ වලින් සාදනු ලබයි.දිගු කාලයක් පවතිනවා.අවු 75+. ගින්නට, හුලගට හොදින් ඔරොත්තු දෙනවා.මිල හුගක් අධිකයි. මේ Sheets වර්ගය දානවා නම් විශේෂ පුහුණුව ලැබූ කම්කරුවන් අවශ්‍ය වෙනවා.

6.Wood Shingles and Shakes

දැව වලින් තමයි මේ Sheets වර්ගය හදන්නේ.පරිසරහිතකාමි.ආයු කාලය කෙටියි.අවු 15-25. නිතරම නඩත්තු කරන්න ඕනි.හුලගට හොදින් ඔරොත්තු දෙනවා. එත් ගින්නට නම් ඔරොත්තු දෙන්නේ නෑ.මිල සාමාන්‍යයයි.

7. Asphalt Composition Shingles

 

මේවා හදන්නේ කාබනික කෙදි වලින්.සීතල දේශගුණයක් තියන හුලන් සහිත ප්‍රදේශ වලට හොදින් ගැලපෙනවා. ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන්.මිලත් අඩුයි. හැබැයි ගොඩක් කල් පවතින්නේ නෑ. අවු 15-20 

හොද Sheets හොයලා දැම්මට විතරක් මදි කාලෙකට සැරයක් කොල රොඩු අයින් කරලා සුද්ද කරලා, තෙමෙන තැන් බලලා Fix කරගෙන නඩත්තු කරගන්නත් ඕනි. එතකොට වැඩි කාලයක් Sheets ටික භාවිතා කරන්න පුලුවන්.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.